ඇවන්ගාඩ් විමර්ශන ගැන හිටපු නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් වසන්ත නවරත්න බණ්ඩාර හෙළි කරයි – VIDEO

ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව පිළිබඳ විමර්ශන සිදු කළ හිටපු නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්, ජනාධිපති නීතීඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් විශේෂ හෙළිදරව්වක් සිදු කර සිටියේය.

ඒ මහතා පවසන්නේ දේශපාලන බඩගෝස්තරවාදීන් කිහිපදෙනෙකු තමන්ට තනතුරුගැනීමට යම් යම් ප්‍රකාශ සිදු කරමින් සිටින බවයි.

ඔහු පවස්නේ තමන්ට විමර්ශනය බාරදෙන විට එය බරපතල අපරාධයක් බවත් එය කඩිනමින් විමර්ශනය කරන ලෙසත් එම ලිපිගෝනුව තමන්ට සුහද ගම්ලත් මහතා විසින් බාර දුන් නමුත් එම විමර්ශනය සිදු කර තමන් එම වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කළ බවත් එහෙත් එය යළි තමන් වෙත නොපැමිණි බවත්ය.

තමන්ගේ විමර්ශනයට අනුව වරදකරුවන් 05 දෙනෙකු නම් කර තිබියදීත් එම වරදකරුවන් නිදහස් කර සිටියේ කුමන පදනමකින්ද යන්න තමන් දැන ගතයුතු බවත් හිටපු නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්, ජනාධිපති නීතීඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා පසුගියදා අවධාරණය කරයි.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *