‘ධරණි’යට සෙකන්ඩ් විම නිසා ‘සිරිකත’ කර්තෘ පන්නයි !

0
205

මාර්තු 23 පැවති 2022 ස්ලීම් නිල්සන් මහජන සම්මානය උළෙලේ දී වසරේ ජනප්‍රියම කාන්තා පුවත්පත ලෙස ‘ධරණී’ පුවත්පත සම්මාන ලැබීමත් සමග, මෙතෙක් කලක් එක දිගට එම සම්මානයට හිමිකම් ‘සිරිකත’ කතුවරයා ඉවත්කර තිබෙන බව වාර්තාවේ.

‘ධරණී’ කාන්තා පුවත්පත ව්‍යාපාරික දිලිත් ජයවීරගේ ‘ලිබර්ටි පබ්ලිෂර්ස්’ පෞද්ගලික සමාගමෙන් ප්‍රකාශයට පත්කරනු ලබන්නක් වන අතර ‘සිරිකත’ කාන්තා පුවත්පත විජය පුවත්පත් සමාගමේ ප්‍රකාශනයකි.

කෙසේවුවද වසරේ ජනප්‍රියතම ජාතික පුවත්පත ලෙස විජය පුවත්පත් සමාගමෙන් ප්‍රකාශයට පත්කරන ‘ලංකාදීප’ පුවත්පත ‘15‘ වැනි වරට ස්ලීම් නිල්සන් මහජන සම්මානය දිනාගත්තේය.

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය සහ ශ්‍රී ලංකා නීල්සන් පර්යේෂණ එජන්සිය එක්ව මෙම සම්මාන උළෙල සංවිධානය කරනු ලබන අතර බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී 23 දා මෙම සම්මාන උළෙල පැවැත්විණි.

සම්මාන උළෙලින් පසු පසුදා වහාම රැස්ව ඇති විජය පුවත්පත් සමාගමේ බලධාරීන්, සිරිකත ප්‍රධාන කතෘ බන්දුල විදානපතිරණ ඉවත්කර, ‘අද’ පුවත්පතේ කර්තෘ කාංචන දසනායක එකී පුරප්පාඩුව සඳහා පත්කිරීමට තීන්දුකර ඇතැයි වාර්තාවේ.

කෙසේවුවද විජය පුවත්පත් සමාගමේ දැන්වීම් කළමනාකරු සමන්ත වීරසිංහ ‘සිරිකත’ කර්තෘ ධුරය තමාට ලබාදෙන ලෙස ඉල්ලමින් පුවත්පත් ආයතනයේ බලධාරීන් පසුපස යමින් සිටින බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here