හිටපු සභාපති හා සාමාන්‍යාධිකාරී සැලසිනේ උලා කාලා!

0
910

සැලසිනේ රූපවාහිනී ආයතනයේ හිටපු සභාපති අමිල මොරේමඩ හා හිටපු සාමාන්‍යාධිකාරි මංජුල හේරත් එකතුව සැලසිනේ ආයතනය සතු රුපියල් කෝටි ගණනක මුදලක් කොල්ල කා ඇතැයි මූලික විමර්ශනයකින් හෙළිවී තිබේ.

සැලසිනේ රූපවාහිනි ආයතනයට නව ගොඩනැගිල්ලක් කුළියට ගැනීමේදී එහි අධ්‍යක්ෂ මණ්ඩලය නොමඟ යවා රුපියල් මිලියන 21 කට ආසන්න මුදලක් මේ දෙපළ විසින් වංචා කර බරපතල මූල්‍ය විශමාචාරයක් සිදු කර ඇතැයි එම වාර්තාව මගින් පෙන්වා දී තිබේ.
අමිල මොරේමඩ හා මංජුල හේරත් සිදු කර ඇති මූල්‍ය වංචාවට එරෙහිව කටයුතු කරන මෙන් ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් දැනටමත් පොලිස්පතිවරයා ගෙන් ලිඛිතව ඉල්ලා ඇත.

සැලසිනේ ආයතනයේ හිටපු සභාපතිවරියක වන උමා රාජමන්ත්‍රි මහත්මිය විසින් මෙයට පෙර 2018 වසරේදී හිටපු සාමාන්‍යාධිකාරි මංජුල හේරත්ව ඉවත් කරන ලදි.එහෙත් දින 52 ආණ්ඩුවේ අවසන් දිනයේදී සභාපතිගේ පෞද්ගලික ලේකම්වරියගේ උපකාරයෙන් එම ලිපි ගොනුව අස්ථානගත කොට 2022 පෙබරවාරී මාසය දක්වාම හිටපු සාමාන්‍යාධිකාරි මංජුල සේවය කර තිබේ.

මෙයට පෙර රයිගම් ආයතනයේ සේවය කර ඇති මොහු එහි ලේකම්වරියක හා පැවැත්වූ අනියම් සබඳතාවක් එහි සභාපතිවරයාගේ අතටම හසුවීමෙන් පසු සේවයෙන් පහකර ඇත.
රයිගම් ආයතනයේ වෙළඳ දැන්වීම් නිෂ්පාදනය කරන ආයතනවලින් සිමෙන්ති, වැලි, ගඩොල් ගොඩබාගෙන මංජුල හේරත් තම නිවස සාදාගත් බව ක්ෂේත්‍රයේ ප්‍රකට රහසකි.

අමිල මොරේමඩ හා මංජුල හේරත් ගේ පාලන කාලය තුල සැලසිනේ ආයතනයේ සේවිකාවන්ට කළ ලිංගික හිංසන නිසා එහි සේවිකාවන් කිහිප දෙනෙකුම සේවය අතහැර ගොස් තිබේ.

මේ පිළිබඳව ජන මාධ්‍ය අමාත්‍යංශය වෙත පැමිණිළි ගණනාවක්ම ලැබී ඇතැයි මේ ගැන කළ විමසීමකදී එහි ඉහළ නිලධාරියකු ප්‍රකාශ කළේය.

මේ අතර සැලසිනේ ආයතනයේ අලෙවි අංශයේ ගයනි නැමැත්තිය හා මංජුල හේරත් අතර සමීප සබඳතාවක් තිබී ඇත. ආයතනයේ හොඳම සේවාදායකයින් තම නිල බලයෙන් ගයනිට ලබා දි එමගින් ලැබෙන කොමිස් මුදල් මේ දෙදෙනා බෙදාගෙන ඇතැයි වාර්තාවේ.
පසුගිය අප්‍රේල් මාසයේදී ගයනි හා මංජුල ඩුබායි සංචාරයක නිරතවීමට සැලසුම් කර සිටි අතරේ මේ ගැන මංජුලගේ බිරිඳට වාර්තාවීම නිසා ඔහුට එම සංචාරය අහිමි වී තිබේ.

අදාල විමර්ශන වාර්තාවට අදාල අමාත්‍යාංශ ලේකම්වරයා විසින් යොමු කළ ලිපි පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here