ප්‍රභූ පුතා ජෝර්ජ් කීට්ගේ සිතුවමක් ලක්ෂ 350කට අරන්

0
114

ආසියාවේ පිකාසෝ යනුවෙන් ඇතැම් විචාරකයන් හඳුවන්නේ ජෝර්ජ් පරසිවල් ස්ප්‍රවල් කීට් (ජෝර්ජ් කීට්) විසින් ඇඳි සිතුවමක් පසුගියදා රුපියල් ලක්ෂ 350කට (රුපියල් මිලියන 35) අලෙවි වී ඇත.

ප්‍රකට ව්‍යාපාරික අමරසුරිය කෙනෙකු සතුව තිබු මෙම සිතුවම ඔහු විසින් මිට මාස කිහිපයකට පෙර වෛද්‍ය මහාචාර්යවරයකුට රුපියල් මිලියන 25කට අලෙවි කිරීමට සුදානම්ව සිටියදී එම සිතුවම රුපියල් මිලියන 35කට මිලදී ගෙන ඇත්තේ රාජපක්ෂ පවුලේ පුත්‍රයෙකි.

කුප්‍රකට ඩීල් කාරයකු ලෙස සැලකෙන මෙම පුත්‍රයා විෂට බාර ඇමතිවරයා සමග එක්වී මහාමාර්ග සංවර්ධනයෙන් කොමිස් උපයන්නෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලයි.

වාර්තා වන අන්දමට මොහු මෙම සිතුවම මිලදී ගැනීමට මුදල් රැගෙන ගොස් ඇත්තේ, බැග් කිහිපයක දමාගෙනය .

කලාවේ නිමි වළලු ප්‍රසාරණය සඳහා විශාල කාර්ය භාරයක් ඉටු කරමින් සිටි ජෝර්ජ් කීට් වසර 1993 ජුලි 31 වැනිදා දැයෙන් සමු ගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here