සේනාධිපති, ජනාධිපතිගේ හයිය අරන් තානාපතිනියට පාට් දාලා !

0
79

මේවනවිට ජනාධිපතිවරයා ලඟට කිට්ටුවී සිටින සේනාධිපතියකු පසුගියදා මෙරට රාජ්‍යතන්ත්‍රීක සේවයේ කීර්තිමත් තානාපතිවරියට දුරකතනය ඇමතුමක් ලබාදෙමින් තර්ජනය කර ඇතැයි වාර්තාවේ.

මෙම සේනාධිපතිවරයා පසුගියදා විදේශගත වූ අවස්ථාවේදී එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ගොස් ලිපි ලේඛන ගොනුවක් ඉල්ලා ඇත. එහිදී අදාල නිලධාරීන් පවසා ඇත්තේ එම ලියකියවිලි නිත්‍යානුකුලව ලබාදිය නොහැකි බවයි.

එහිදී තමා ජනාධිපතිවරයාගේ අහවලා යයි කියමින් නිලධාරීන් බියගන්වා ඇති සේනාධිපතියා, තානාපතිනිය සිටිනේදැයි විමසමින් එම තානාපති කාර්යාලය තුල ලොකු සද්දයක් දමා ඇත.

අනතුරුව ඔහු එම තානාපති කාර්යාලයෙන් පිටව එද්දී තානාපතිවරිය මුහුණට මුහුණ හමුව ඇත. එහිදී ඔහු තානාපතිනියට දැඩි ලෙස පරිභව කර ඇතැයි ද පැවසේ.

එම තානාපතිවරියගේ පියා ජනාධිපති ගෝඨාභයගේ සමීපතම හිතවතකු බව සේනාධිපතිවරයා දැනගෙන ඇත්තේ, ලංකාවට පැමිණි පසුවය. දැන් ඔහු ප්‍රශ්නය සමතයකට පත්කර ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්ගේ සහය පතමින් සිටින බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here