වත්තල මාබෝල නගර සභාවේ ලේකම් ආණ්ඩුවේ තෙල් ගසාගෙන විනෝද සවාරි !

0
390

වත්තල මාබෝල නගර සභාවේ ලේකම්වරිය රජයේ මහජන මුදලින් ඉන්දන ලබාගනිමින් පසුගිය කාලයේ කිහිප වතාවක්ම විනෝද සවාරි ගොස් ඇතැයි චෝදනා එල්ල වී තිබේ. මාර්තු 11 හා 12 දෙදින ඇය නගර සභාවට අයත් කැබ් රථයෙන් කතරගම ගොස් ඇත්තේ ද රජයේ මුදලින් ඉන්දන ලබාගනිමිනි.

රටේ බරපතල ඉන්දන අර්බුදයක් පවතින මොහොතක පෞද්ගලික අවශ්‍යතා සඳහා රජයේ වාහන භාවිතා නොකරනලෙස චක්‍ර ලේඛණ නිකුත්කර තිබියදී පවා ඇය කොළඹින් බැහැර පෞද්ගලික ගමන් බිමන් යාම සභාවේ අප්‍රසාදයට ලක්ව ඇත. ඇය මීට පෙර කීප වතාවක දී නගර සභාවට අයත් වෑන් රථය රත්නපුරට රැගෙනයාම පිළිබඳව චෝදනා එල්ලවී තිබිණ.

මෙවැනි විෂමාචාර චෝදනා ගණනාවක් එල්ල වී ඇති ඇය ඉතා මෑතකදී තම නිවස අති සුඛෝපභෝගී ලෙස සදා තිබීම ද නාගරික මහජන නියෝජිතයින්ගේ සැකයට බඳුන්ව ඇත.

වත්තල මාබෝල නගර සභාවේ ලේකම්වරිය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට විශේෂ අනුග්‍රහය දැක්වීමද සභාවේ මහජන නියෝජිතයින්ගේ දෝෂ දර්ශනයට ලක්ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here