විමල් වීරවංශ දැරූ කර්මාන්ත අමාත්‍ය ධුරය එස්. බී.දිසානායක බාර ගැනීමට කටයුතු කර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි
අධ්‍යාපන අමාත්‍ය ධුරය වෙනුවට කර්මාන්ත අමාත්‍ය ධුරය බාර ගන්නැයි දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයාට කළ ඉල්ලීම ඔහු විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එස්. බී.දිසානායක වෙත එම අමත්‍ය ධුරය ලබා දීමට කටයුතු කර ඇත.
කර්මාන්ත අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන ජනාධිපති කාර්යාලය විසින් නිකුත් කර ඇති නිල නිවේදනයට හිටපු අමාත්‍යවරයා ප්‍රතිචාර දක්වමින් ස්තූතියි ! යන්න සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කර ඇත.