මහ බැංකුවේ හා මුදල් අමාත්‍යාංශයේ ලොක්කෝ ඩොලර් කොමිස් උඩ බුදි!

0
1076

මෙරට ඩොලර් අර්බූදයට ප්‍රධානම හේතුව වී ඇත්තේ මහ බැංකුවේත්, මුදල් අමාත්‍යාංශයේත් ඇතැම් නිලධාරින්ගේ අමනෝඥ ක්‍රියා මාර්ග නිසා බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
නීතී විරෝධිව මුදල් සංසරණය කිරීමට භාවිතා කරන උන්ඩියෙල් වැනි මාර්ග තහනම් නොකරන්නේ ඇතැම් දේශපාලකයි ,රජයේ උසස් නිලධාරින් , මුදල් අමාත්‍යාංශයේ නිලධාරින්, මහ බැංකුවේ හා පෞද්ගලික බැංකුවල නිලධාරින් මෙම නීති විරෝධී ජාවාරමේ හවුල්කරුවන් නිසා බව ඔවුහු පෙන්වා දෙති.
මේ අතර රජය විවෘත වෙළෙද පොලෙන් ඩොලර් මිලට ගැනීමට යෑම නිසා ඩොලරයේ මිල කෘත්‍රිම ලෙස තවත් ඉහළ යන්නේ ඇතැම් නිලධාරින් මෙසේ ඩොලර් මාරු කිරීමේදී එක ඩොලරයකින් රුපියල් 20 ක පමණ කොමිස් මුදල් ලබා ගන්නා නිසා බව පෞද්ගලික අංශයේ මුදල් හුවමාරු ආයතන තොරතුරු මාර්ග හෙළි කරයි.
මේ අතර උග්‍ර ඩොලර් අර්බූදයක් හමුවේ රට මුහුණපා සිටියදී පසුගියදා ඉහළම නිලධාරින් තිදෙනෙකු ඔස්ට්‍රේලියාවේ නිවාස තුනක් මිලට ගෙන ඇති අතර ඒවා වෙනත් නම් හෝ වෙනත් පුද්ගලයන් තිදෙනෙකු වෙනුවෙන් මිලදී ගෙන ඇතැයි කතා බහක් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here