සභාපති භාග්‍ය ආයතනයට අභාග්‍යක් වෙයි!

0
533

ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයට ගෝඨාභය රජය මගින් පත් කළ භාග්‍ය ජයතිලක සභාපතිවරයා ආයතනයට අභාග්‍යයක් වී ඇතැයි වාර්තා වේ.


මෙම ආයතනය රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට ඒකාබද්ධ කර එහි අංශයක් ලෙස ක්‍රියාත්මක කරන ලෙසට අමාත්‍ය මණ්ඩලය දෙවරක් තීරණය කර ඇතත් මේ සභාපතිවරයා එය පයිසයකටවත් මායිම් කර නැත.
2020 අගෝස්තු සිට 2022 මාර්තු දක්වා වැටුප්වලින් සේවක අර්ථ සාධක අරමුදල් කපා ඇතත් ඒවා මෙතෙක් බැර කර නැත.
පාඩු පිට පාඩු ලබමින් තිබියදීත් ව්‍යාපෘති සඳහා යැයි කියමින් සභාපතිවරයාගේ ගජ මිතුරන් ආයතනයට බඳවාගෙන මසකට මිලියනක් පමණ ඔවුන් වෙනුවෙන් වියදම් කිරීමට මෙම කාපාළුවා කටයුතු කරන බව සේවකයින් පවසයි.
මෙම සියලු කටයුතු කරන්නේ ගිනුම්කරණය පිළිබඳ මළපොතේ අකුරක් වත් නොදන්නා හිටපු සැපයුම් නිලධාරියකු ප්‍රධාන ගිනුම් නිලධාරියා වශයෙන් පත් කර ගනිමිනි.
භාග්‍ය ජයතිලක වැන්නවුන් උසස් තනතුරුවලට පත් කිරීම ආයතනයේ පමණක් නොව සමස්ත ‍රටේම අභාග්‍යයක් බව සේවක අදහසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here