ආණ්ඩුව රකින්න චාමර සම්පත්ට වාහනයක් සහ කෝටි 4 ක්

0
540

විශ්වාස භංගයේ දී ගෝඨාභය රාජපක්ෂ රකින්න බදුල්ලේ චාමර සම්පත්ට පළාත් සභාවෙන් වාහනයක් ලබා දී ඇත. ඔහු වෙත රු. කෝටි 4 ක මුදලක් ද ඊයේ ලබා දී ඇත.

විශ්වාස භංගයේ දී රජයට චන්දය ලබාදීම සඳහා බදුල්ල මන්ත්‍රී චාමර සම්පත් දසනායකට ඌව පළාත් සභාව වීසින් නිදහස් කර ඇති වාහනයට පසුගිය දා කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල විය. වාහනය නිදහස් කර ඇත්තේ ආණ්ඩුකාර මුසම්මිල් ගේ ඉල්ලීමකට ඌව පලාත් ප්‍රධාන ලේකම් විසිනි.

මෙයට ස්වල්ප වෙළාවකට පෙර පාර්ලිමේන්තුව ඇමතු චාමර සම්පත් දසනායක පැවසුවේ තමන් මීට පසු පාර්ලිමේන්තු නොපැමිණෙන බවය. විශ්වාස භංගයට පරාජය කිරීමට සඳහා රජයට ඡන්ද 3 ක් අවශ්‍යව ඇති අතර ඒයින් පළමු වැන්නා වී ඇත්තේ චාමර සම්පත් දසනායක ය.

ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ පලාත් සභා වාහනයට වැල්වායේ දී උද්ඝෝෂකයින් කුණු බිත්තර ගැසූ ආකාරයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here