පාඨලී චම්පික රණවකට අගමැති ධුරය ලබාදෙන්නේ නම් සර්ව පාක්ෂීක ආණ්ඩුවට සහයදීමට සුදානම් බව විපක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ප්‍රකාශ කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.
මේවනවිට පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දුමින්ද දිසානායක හා ලසන්ත අලගියවන්න රහසිගතව හමුවී එම කාරණය සඳහන් කර ඇත්තේ, සමගි ජන බලවේගයේ හරින් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනාය.
තමන් දෙදෙනාට අන්තර්කාලීන ආණ්ඩුවේ අමාත්‍ය ධුර හිමිවිය යුතු බව ද හරින් හා මනුෂ එහිදී අවධාරණය කර ඇතැයි ද පැවසේ.
හෙට ජනාධිපතිවරයා හමුවුවිට මේ සම්බන්ධයෙන් දැනුම් දෙන්නයි ද සජබ මන්ත්‍රීවරුන් දෙදෙනා ඉල්ලා ඇතැයි ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.
ජනාධිපති සමග සාකච්ජාවක් !
ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම විසින් ඉදිරිපත්කර ඇති අන්තර්කාලීන ආණ්ඩු යෝජනාව ගැන සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා මේවනවිට කැමැත්ත පළකර ඇත.
සර්ව පාක්ෂීක අන්තර්කාලීන ආණ්ඩුවක් ස්ථාපිත කිරීම සදහා වූ යෝජනාවලියක්, ආණ්ඩුව නියෝජනය කරමින් සිට ස්වාධිනව කටයුතු කරනු ලබන පක්ෂ නියෝජිතයන්ගේ අත්සනින් යුතුව, ඊයේ ජනාධිපතිවරයා වෙත බාරදුන් අතර ඒ සම්බන්ධයෙන් පක්ෂ 11 නියෝජිතයන් හා ජනාධිපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් හෙට (10) රාත්‍රී 7.00ට ජනාධිපති මන්දිරයේදී පැවැත්වේ.