පුනර්ජනනීය කොමිස් කුට්ටියක් ෂැංග්‍රිලා
හෝටලයෙන් මතුවේ!

0
600

පුනර්ජනනීය ව්‍යාපෘති ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ලබාදීම සදහා අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන දේශපාලකයෙක් එක් ව්‍යාපාරිකයකු ගෙන් රුපියල් මිලියන 10 ක් බැගින් අත්තිකාරම් මුදල් ලබාගෙන ඇතැයි විශ්වාස කටයුතු මාර්ගයකින් වාර්තා වේ.
අදාළ දේශපාලකයා එදින මෙසේ එකතු කරගත් කොමිස් මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 500 ඉක්මවූ බව ද වාර්තා වේ.
මෙම මුදල් ප්‍රමාණය අමාත්‍යාංශයේ වාහනයකින්ම හැව්ලොක් පාරේ පිහිටි නිවසක් වෙත ගෙනගොස් ඇත.
අදාළ දේශපාලකයාට හුවමාරු සිද්ධියක් නිසා මස්සිනා වූ පුද්ගලයකු මීළඟ බලශක්ති ඇමැතිවරයා වීමට නියමිත ඇතර කොමිස් මුදලේ බැලන්ස් එක ඔහුගේ සාක්කුවලට වැටීමට නියමිත බැව් දේශපාලන ක්ෂේත්‍රයේ කතා බහට ලක්වී ඇත.
අද ගෝඨා ගෝ හෝම් යනුවෙන් තරුණ කොටස් හඬ නගන්නේ මෙවැනි දූෂිත පුද්ගලයන්ට එරෙහිව ගෝඨාභය ජනාධිපතිතුමා කිසිදු පියවරක් නොගැනීම බව පැහැදිලි සත්‍යයක් බව පොහොට්ටුවේ දේශපාලඥයෝම කියති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here