මේ වන විට ජනාධිපතිතුමාට සියලු උපදෙස් දෙන නිල නොවන ජනාධිපති ලේකම්වරයා බවට මහින්දානන්ද අලුත්ගමගේ පත්ව ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි.
මේ වන විට ජනාධිපති නිල ලේකම් ගාමිණී සෙනරත් හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංගවත් පසෙකට කර ඇතැයි වාර්තා වේ.
සියලු පක්ෂවල සහභාගිත්වයෙන් අන්තර්වාර කැබිනට්ටුවක් පත්කර ගැනීමට ජනාධිපතිතුමා එකගත්වය පළ කර තිබියදීත් ඒ සියල්ලම කඩාකප්පල් කෙළේ මහින්දානන්ද බව පැවසේ.
ජනාධිපතිතුමා ගේ කාබනික පොහොර ව්‍යාපෘතිය මුලුමනින්ම කඩාකප්පල් කරන ලද්දේ මහින්දානන්ද විසින් බවට චෝදනා එල්ල විය.
චීනයෙන් ගෙන්වූ කාබනික පොහොර තොගයට බැක්ටීරියා හට ගත්තේ මහින්දානන්ද බලාපොරොත්තු වූ කොමිස් මුදල් නොලැබීම නිසා බව කැබිනට් මණ්ඩලය තුලම කතාබහට ලක්වූවකි
කෙසේ වෙතත් මෙරටට ආනයනය කරන ඉන්ධන ගා ගෑස් පිළිබද ‘ ඩීල් පති’ ලෙස කටයුතු කරන්නේ මහින්දානන්ද බව කනින් කොනින් වාර්තා වේ.
මහින්දානන්ද හිටපු ඇමැතිවරයා දවසේ වැඩිම කාලයක් ගත කරන්නේ ජනාධිපති කාර්යාලයේ වන අතර ඇමැතිකමට වඩා මෙතැන ගැවසෙන එක හොඳ බවත්, ඩීල් ටික තියෙන්නේ මෙතැන බවත් රාජගිරියේ ලේක්ඩ්‍රයිව් හි පැවැති සාදයකදී ඔහු හිතවතෙකුට පවසා තිබේ.
ගෝල්ෆේස් විරෝධතාවයේ තේමාව “ගෝ හෝම් ගෝඨා ” වුවත් පොහොට්ටුවේ සාමාජිකයන් ගේ තේමාව වී ඇත්තේ ” ගෝ හෝම් මහින්දානන්ද ” යන්නයි.