මහින්ද ගෙදර යවන ක්‍රමය මෙන්න !

0
923

මහින්ද ගෙදර යැවීමට නම් පළමුව මහින්ද ගේ මාධ්‍ය ප්‍රකාශක ‍රොහාන් වැලිවිටව ගෙදර යැවිය යුතු බව අරලිය ගහ මන්දීරයට සමීප ආරංචි මාර්ග පවසයි.

මහින්ද රාජපක්ෂ මහතා මීට පෙර අවස්ථා කිහිපයකදීම අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට හිත හදාගත්තද රොහාන් වැලිවිට බූරු මාධ්‍ය නිවේදන නිකුත් කරමින් මහින්ද ගේ අස්වීමේ තීරණය රිවස් කර තිබේ.

මෙයට හේතුව වී ඇත්තේ මාධ්‍ය ප්‍රකාශක ධූරයට හේත්තු වී හතර වටින් හෙතෙම ගරානා ව්‍යාපාරයක නිරතවීම නිසා බව එම ආරංචි මාර්ග වැඩිපුරටත් සදහන් කරයි.

ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි දිනුම් ඇදීමේ වැඩ සටහනටද රොහාන් වැලිවිට නිල බලය යොදා රිංගාගෙන ඇතැයි යන්න පදනම් ආයතනය පැත්තෙන් ඇසේ.

අද ( මැයි 6 වැනිදා ) දින පැවැති කැබිනට් රැස්වීමේදී මහින්ද යලිත් අස්වීමට තීරණය කළද රොහාන් වැලිවිට සිය බිස්නස් නාමයෙන් එම තීරණය යලිත් රිවස් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here