රාජපක්ෂවරුන්ගේ සමීපතම හිතවතියක් මෙවර ඕස්ට්‍රේලියානු මැතිවරණයට ඉදිරිපත්ව සිටිනබව එරට ආරංචිමාර්ග පවසයි.
රාජපක්ෂ පවුලේ සාමාජිකයකු පසුගියදා ඔස්ට්‍රේලියාවට පැනයාමේ සිද්ධියත් සමග මේ සම්බන්ධ තොරතුරු රැසක් අනාවරණය වෙමින් තිබේ.
එහි අගමුල ඕස්ට්‍රේලියාවේ මෙවර මැතිවරණය උණුසුම් කරන්නට තරම් සංවේදීවන බව විශ්වාසවන්ත ආරංචි හෙලිදරව් කරයි.
සංක්‍රමණික නීති උපදේශකයෙකු වූ නීතීඥ දිනේෂ් නමැති අයකු මෙහි ප්‍රධාන පිඹුරුපත් සකසන්නා මෙන්ම එය ක්‍රියාවට නගන්නා ලෙස හෙළිදරව්වී ඇත.
රාජපක්ෂ පවුලේ සාමාජිකයා ඔස්ට්‍රේලියාවට රැගෙන ඒමේ මෙහෙයුම සිදුකර ඇත්තේ මේ මොහොතේ රාජපක්ෂලාට සිටින අතලොස්සක් වූ විශ්වාසවන්තර පුද්ගලයන් අතරිනුත් විශ්වාසවන්තම පුද්ගලයා වූ මේ නීතීඥ දිනේෂ් බව පැවසේ.
ඔහු ඒ තරමටම රාජපක්ෂ පවුල හා හිතමිතුරු ලෙන්ගතුකම් පෑ අයෙකි. ඒ නිසාම බොහෝ වරදාන හා වරප්‍රසාද එයින් ඔහු අත්කරගෙනද ඇති බව පැවසේ.
නමුත් නීතීඥ දිනේෂ් ට රාජපක්ෂ පවුල මේ මෙහෙයුම භාරදෙන්නට තවත් සුවිශේෂි කරුණක්ද පාදක වෙයි. මෙහි සිත්ගන්නා කරුණද එයමයි.
මේ නීතීඥ දිනේෂ් නැමැති පුද්ගලයා ඕස්ට්‍රේලියානු කම්කරු පක්ෂය හා එහි ප්‍රබලයන් සමග සමීප සම්බන්ධයන් පවත්වන පුද්ගලයෙකුවන අතර ඒ සම්බන්ධකම් මගින් ඔහු විවිධ ගනයේ ඩීල් දමන්නෙකු ලෙස තමන්ගේම මෙන්ම තම හිතවතුන්ගේද කොන්ත්‍රත් ඉටුකරන අයකු ලෙස සැලකේ.
වැදගත්ම කරුණ වනුයේ මෙවර ඕස්ට්‍රේලියානු මැතිවරණය දක්වාම ඔහුගේ මේ ඩීල්වල බලපුලූවන්කාරකම් පැතිර යාමයි.
ඒ ඔහුගේ හිතවතියකු වන කැසැන්ඩ්‍රා ප්‍රනාන්දු නම් තැනැත්තියක් මෙවර කම්කරු පක්ෂයේ අපේක්ෂිකාවක් ලෙස ඉදිරිපත් කිරීමෙනි.
ඇය බේකරියක වැඩ කරන්නියක් ලෙස ජීවිතය ආරම්භ කර ඇති අතර එතරම් අධ්‍යාපන හෝ වුර්තීය සුදුසුකම් සපුරා නැතිවුවත් මෙවර ඕස්ට්‍රේලියානු මැතිවරණයට ඇයව කරලියට ගෙන ඒම තම හිතවතියට ඔහු දුන් අපූරු ත්‍යාගයකි.
මෙම තැනැත්තිය ද රාජපක්ෂ පවුලට සෘජු සම්බන්ධතා ඇත්තියකි. කැසැන්ඩ්‍රාගේ බාප්පා පාලිත ප්‍රනාන්දුය.
මෙම සමීප හිතවත්කම මත සහ දිනේෂ්ගේ දේශපාලන බල පුළුවන්කාර කමත් මත ලංකාවේ මජර දේශපාලුවන් සමග එක්ව මේ සැරසෙන්නේ වෙනත්ම ගනයේ ගේම් ප්ලෑන් එකකට බව එරට සිටින ශ්‍රී ලාංකිකයින් පවසයි.
මක්නිසාද යත් නීතීඥ දිනේෂ් මීයක් කඩන්නේ අතලේවකන්නම නොවන නිසාවෙනි.
ඔහුගේ ඉලක්කය තම හිතවතිය ජයග්‍රාහණය කරවීම පමණක්ම නොව තවත් ඩීල් ගොඩක එකතුවකි.
විශේෂයෙන් රාජපක්ෂ පවුල ලවා ඔවුන් ලංකාව තුල සොරා කෑ වත්කම් ඔස්ට්‍රේලියාව තුල විශාල ආයෝජනයක් ලෙස ගෙන එමින් බිස්නස් වීසා මත ඕස්ට්‍රේලියානු පුරවැසිකම රාපක්ෂ පවුලට ලබාදීම මේ මෙහොතේ නීතීඥ දිනේෂ් උත්සහාය දරන හොඳම ඩීල් එක බව නම් බව නම් සැක නැත.
කෙසේ වෙතත් නීතීඥ දිනේෂ් තරමක ප්‍රබල සම්බන්ධකම් කම්කරු පක්ෂය හා පවතින නිසා රජපක්ෂ පවුල මේ මොහොතේ ඔහුගේ ප්‍රතිඋපකාරය බලාපොරොත්තුවන බව කිව යුතුමය.
ඔහුට එය ඉටුකරන්නට ශක්තියද හැකියාවද ඇත. තමන්ගේ හිතවතිය අපේක්ෂිකාවක් කල හැකිනම් මේ රාජපක්ෂ පවුල වෙනුවෙන් ඔහුට ඔස්ට්‍රේලියාව තුල කල නොහැක්කක් නොමැත.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් දැනටමත් විමසිල්ලෙන් සිටියි. ලංකාව තුල සිදුවන අරගලෙයේ පංගුකාරයින් වෙමීන් ඔවුන්ද ඊට අත්වැල් අල්ලයි. ඔස්ට්‍රේලියාව තුල ලංකා ධජය සෙවනේ ඔවුන් හඬනගයි. ජාත්‍යන්තරයටද එය ගෙන යයි.
ඒ නිසාම නීතීඥ දිනේෂ් වැනි පුද්ගලයන්ගේ සැලසුම් කොයිතරම් දුරට සාර්ථකවේයැයි සැක සහිතයි. නමුත් නීතීඥ දිනේෂ් වීරක්කොඩි වැනි අය සුළු කොට තැකිය නොහැකි අතර ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලංකිකයින් සෑම අතින්ම විමසිමත්ලිමත් වීම කොයිකටත් තම රටට සුබ වෙයි.


