ගෑස් හිඟය බැසිල්ගේ උපක්‍රමයක්? ත්‍රිකුණාමලයේ ගෑස් නැවක්

0
1080

රට තුළ පවතින ගෑස් හිඟය බැසිල් රාජපක්ෂ මහතාගේ දේශපාලන උපක්‍රමයක් ලෙස කෘතිමව මවා පාන්නක් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

දැනටමත් ගෑස් නැවක් ත්‍රිකුණාමලයට ළඟා වී ඇති අතර, කාළගුණය අයහපත් වීම හේතුකොට ගෙන ගෑස් ගොඩ බෑමේ කටයුතු ප්‍රමාද වන බව රජය විසින් දැනුම් දී තිබේ.

කෙසේවෙතත් ගෑස් ගොඩ බෑම සම්බන්ධයෙන් සැබෑ හේතුව එය නොවන බව පැවසෙන අතර, බැසිල් රාජපක්ෂ මහතාගේ හිතවතෙකු වන ලිට්‍රෝ සභාපති විජිත හේරත් මහතා විසින් බැසිල් රාජපක්ෂගේ උපදෙස් පරිදි ගෑස් ගොඩ බෑම හිතාමතාම ප්‍රමාද කර ඇති බව වාර්තා වේ.

එමගින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු නව ආණ්ඩුව අපහසුතාවයට පත් කොට ඉන් දේශපාලන වාසියක් ලබාගැනීමත්, ආණ්ඩුව තුළ තමන්ගේ බලය පෙන්වීමත් බැසිල් රාජපක්ෂ මහතාගේ අරමුණ වී තිබේ.

විජිත හේරත් මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් නිර්මාණය කරන ලද පොදුජන ඉංජිනේරු පෙරමුණේ සභාපතිවරයා ද වන අතර, රාජපක්ෂවරුන් ආරක්ෂා කිරීම සඳහා නිරන්තරයෙන් කැප වී සිටින පුද්ගලයෙකු ලෙස ප්‍රකට ය.

කෙසේවෙතත්, බැසිල් රාජපක්ෂ මහතාගේ මේ පෞද්ගලික දේශපාලන උපක්‍රමය හේතුවෙන් රට සහ මහජනතාව වඩ වඩාත් අපහසුතාවයට පත් ව සිටින අතර, මීට සම්පූර්ණයෙන් ම වගකිව යුත්තේ බලය අත් හැරීමට නොකැමති බැසිල් රාජපක්ෂ නම් පුද්ගලයා බව මැදහත් දේශපාලන විචාරකයෝ පවසති. රටේ දේශපාලනයට සහ ආර්ථිකයට රාජපක්ෂලා තවමත් ඇඟිලි ගසමින් රට අවුලෙන් අවුලට පත් කරන බවට මීටත් වඩා සාක්ෂි අවශ්‍යයද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here