අපේක්ෂාභංග ඇල්ලේ ගෝල්ෆේස් වැල්ලේ…!

0
1348

ජන අරගලයට දින 50 ක් පිරුණු දින ඇල්ලේ ගුණවංස හිමියන් ගේ ගෝල්ෆේස් ආගමනය බලාපොරොත්තු කඩවීමක් නිසා සිදුවූවක් බව ගුවන් විදුලි සංස්ථාව දෙසින් වාර්තා වේ.

තම ගජ මිතුරු ගුවන් විදුලියේ සභාපති හඩ්සන් සමරසිංහ මාර්ගයෙන් සීදූව ප්‍රදේශයේ පිහිටි අක්කර ගණනාවක ඉඩම ඩැහැ ගැනීමට ඇල්ලේ ගුණවංස හිමියෝ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පමණ පෙරුම් පුරා සිට ඇත.
මේ ඉඩම ගුවන් විදුලි සංස්ථාවට අයත් වූවකි.
ඉඩම තුල පිහිටා ඇති නිවසේ නොගෙවූ විදුලි බිල මේ වන විට රුපියල් ලක්ෂය ද ඉක්මවා ගොසිනි.

ඇල්ලේ බලාපොරොත්තු වී ඇත්තේ හඩ්සන් මාර්ගයෙන් එකී හිඟ විදුලි බිල්පත ද ගෙවාගෙන ඉඩම අත්පත් කරගැනීමටයි.
එහෙත් ඒ සියල්ල ව්‍යවර්ථව ගොස් ඇත.
බලාපොරොත්තු සුන්වූ ඇල්ලේ ගුණවංසයන් ජන අරගලයට වැඩමවා ඇත්තේ ඉන් පසුව ඇති කරගත් පිරිසිදු චිත්ත සන්තානයෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here