ස්ටෝර්කීපර් අනුර ජයරත්න මාපිලා සංවර්ධන ලොතරැයියේ ලේ උරා බොයි!

0
1172

සංවර්ධන ලොතරැයියේ සාමාන්‍යාධිකාරි අනුර ජයරත්න සංවර්ධන ලොතරැයි මණ්ඩලයට සාපයක් වී ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
වසර ගණනාවක සිට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි ටිකට්පත් මුද්‍රණය කරනු ලබන්නේ ආයතන දෙකක් විසිනි.
වෙනත් කිසිදු සමාගමකට ටෙන්ඩර් මගින් ඒ සඳහා අවස්ථාවක් ලබාගැනීමට අනුර ජයරත්න ඉඩ නොදේ.
දැනට ටිකට් මුද්‍රණය කරන ජානි පෙරේරා හා අචලා බෝගොල්ලාගම ගෙන් මාස්පතා රුපියල් ලක්ෂ 5 – 10 ත් අතර මුදලක් අනුර ජයරත්න කොමිස් වශයෙන් ලබාගනී.
මේ සදහා ඔහුට සහාය වන්නේ ප්‍රසම්පාදන අංශයේ සේවය කරන ඔහුගේ ගෝලයකු වන මලින්ත නැමැත්තායි.
මලින්ත ලවා සැපයුම්කරුවන් ගේ ගෙවීම් ප්‍රමාද කරන අනුර, අවලා හා ජානි ගෙන් පිටස්තර ස්ථානයයකදී අදාළ කොමිස් මුදල ලබාගත් පසු ඔවුන්ගේ චෙක් පත් නිකුත් කරයි.
මේ ආකාරයට කුමා ස්ටිකර් ආයතනයෙන් ද මාස්පතා මුදලක් අනුර කප්පම් ලෙස ලබාගනී. මේ පිළිබදව සියලු තොරතුරු ජනාධිපති කාර්යාලයට ද වාර්තා වී තිබේ.
අනුර ජයරත්න සංවර්ධන ලොතරැයි මණ්ඩලයට එන්නේ ස්ටෝර් කීපර් වරයෙකු වශයෙනි.
එතැන සිට එකින් එක බෙලි කපාගෙන ඉදිරියට එන අනුර සාමාන්‍යාධිකාරීවරයා ලෙස පත්වන්නේ හිටපු සභාපති සේන සූරියප්පෙරුමට නොවඳිනා වැඳුම් වඳිමිනි.

සේන සූරියප්පෙරුම විසින් අනුර ජයරත්නව සාමාන්‍යාධිකාරීවරයා ලෙස පත් කළ දවසේ ඔහු මී හරකෙකු මෙන් හඬා වැටී ඇත.
පසුව සේන සූරියප්පෙරුම ගේ ඇස් වසා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ව්‍යවස්ථාව වෙනස් කර සභාපතිවරයා ගේ බලතල සාමාන්‍යාධිකාරීවරයා වෙත පවරා ගැනීමට අනුර උත්සාහ කළත් එයද ගැස්සී ගියේය.
ඉන්පසු අනූෂ පැල්පිට සභාපතිවරයා ගේ කාලයේ ද සභාපති බලතල පවරා ගැනීමට අනුර ගත් උත්සාහය දෙවැනි වතාවටත් අසාර්ථක විය.
මුළු සංවර්ධන ලොතරැයි මණ්ඩලයේම එක් එක් අංශවලට තමන්ගේ ඉත්තන් ප්ලග් කර ඇති අනුර බූවල්ලකු මෙන් එහි සාරය උරා බොමින් දශක ගණනක සිට වැජඹෙයි.
ඔහු සභාපතිවරයකු බාගන්නා පළමු පියවර වන්නේ කාන්තාවක් ඉදිරියට දැමීමයි.
එය අසාර්ථක වුවහොත් ගරානා මාර්ග පෙන්වා දී සභාපතිවරයා බිලී බා ගනියි.
අලුත් සභාපතිවරයකු පත්වූ විගස ඔහුව ගණන් නොගන්නා බවක් අනුර පෙන්වයි.
ඉන්පසුව සවස 4.30 පමණ ඔහු සභාපති ගේ කාමරයට රිංගා ගනී.
මෙය සෑම සභාපතිවරයකු අරඹයාම ක්‍රියාත්මක කරන උපක්‍රමයකි.
සංවර්ධන ලොතරැයි දිනුම් ඇදීමේ නිවේදක නිවේදිකාවන්ගේ අඩුපාඩු සලකුණු කිරීම හා ඒ අනුව ඔවුන්ගේ දිමනා කප්පාදු කිරීම අනුර ජයරත්න ගේ ප්‍රධාන රාජකාරිය යි.
එහෙත් ඇතැම් නිවේදිකාවන් මොන වැරැද්දක් කළත් ඔවුන්ගේ පඩි නොකැපීමේ රහසසේ පහස දන්නේ අනුර ජයරත්නම පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here