පොලිසියේ සුපිරි අශ්වයින් 07ක් කන්න නැතුව මියගිහින් !

0
586

හනුමන් බ්‍රෝ
දිව නෙතින් බලා දිව මුවින් වාර්තා කරනු ලබයි…

උසස් මිල අධික අශ්වයින් හදිසියේ මියයාම ගැන පොලිස් ලොක්කන්ගේ දත කට පූට්ටු වෙලා….

ශ්‍රී ලංකා පොලිසියේ අශ්වාරෝහක කොට්ඨාශයට අයත් මිල අධික ඉස්තරම් වර්ගයේ ජවසම්පන්න අශ්වයින් හත් දෙනෙක් හිටිහැටියේ මියයාම ගැන මේ දවස්වල පොලීසියේ ඉහළම ලොක්කො කීප දෙනෙක්ගේ  දත කට පූට්ටු වෙලා බවයි ආරංචි…

මේ මියගිය එක අශ්වයෙක්ගෙ වටිනාකම ඩොලර් 35 000ක් පමණ වන බවයි අන්තර්ජාලයෙ තියෙන්නෙ. එතකොට ඒක හයෙන් වැඩි කරාම පාඩුව ඩොලර් 210,000ක්. රුපියල් වලින් හිතන්න පුලුවන්ද…

නීතිය හා මහජන සාමය භාර ඇමතිවරයා මේ ගැන දැනං හදිසි වාර්තාවක් කැඳවලා කියල ආරන්චියි.

පොලිසියේ ඉහළම ලොක්කා මේ වාර්තාව හදන්න තොරතුරු හොයන්න පස්ස කැඩිච්ච කඩියා වගේ එහෙ මෙහෙ දුවන කොට තමයි හනුමන් බ්‍රෝට මුලිච්චි උනේ…

බලාගෙන ගියාම එතන වැරදි ගොඩයි. වාර්තාවෙ ලියන්නෙ මොනවද නොලිය ඉන්නේ මොනවද කියන එක දැන් පොලිස් ලොක්කට පටක් පොටක් බේරගන්න බැරි උභතෝකෝටිකයක් වෙලා…

පහුගිය කාලෙ පොලීසිය විසින් දිවයිනේ ස්ථාන ගණනාවක සමරනු ලැබූ විශේෂ සැමරුම් උත්සවයක් වෙනුවෙන් පොලිස් කොට්ඨාසයේ ඉන්න වටිනාම තරුණ අශ්වයෝ 23 දෙනෙක් තැන තැන අරගෙන ගිහින්…

වායුසමනය කරන ලද, අශ්වයින් ප්‍රවාහනය වෙනුවෙන්ම වෙන් කර ඇති බස් රථයක රැගෙන ගියා වුනත් ඒ ආකාරයෙ වෙහෙසකර ගමන් බිමන් සංවේදී සත්ව කොට්ටාශයක් වන මේ අශ්වයින්ට නොගැළපෙන බවයි සමහර අශ්වාරෝහකයො කියන්නේ. කොහොම වුණත් එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි, හත් දෙනෙක් මිය යාම බරපතළ ප්‍රශ්නයක්…

මෙවන් උසස් තත්වයේ අශ්වයින් සුරැකිව බලා ගන්න නම්  නිසි ගුණාත්මක සමබල ආහාර, විටමින් හා බේත් හේත්, නිසි දේශගුණය හා වාතාශ්‍රය, උචිත පුහුණුව හා ව්‍යායාම වගේම ආදරය කරුණාවත් අත්‍යාවශ්‍යයි. ඒව ගැන දන්නෙ අශ්වයින් පිළිබඳවම නිසි පුහුණුවක් හා උගත්කමක් ඇති වරලත් පශු වෛද්‍යවරුන් පමණයි. 

එහෙත් පරීක්ෂණයේදී හෙළි වූ කරුණු වලට අනුව එවන් සුදුසුකම් ලද කිසිදු වෛද්‍යවරයෙක් මේ වන විට පොලිස් අශ්වාරෝහක කොට්ඨාශය  සතුව නැහැ. අශ්වයින් නඩත්තුව හා සංරක්ෂණය සදහා මෙතෙක් උපදෙස් ලබාදී තිබුණේත් පොලිස් සුනඛ කොට්ඨාශය භාර පශුවෛද්‍යවරයා. ඒක මොන තරම් වරදක් ද. මොන තරම් විහිළුවක් ද. අශ්වයින්ගේ මේ හදිසි සෞඛ්‍ය පිරිහීමට එයම ලොකු හේතුවක්.

මේ ප්‍රශ්නය ගැන හොයන්න විස්තර එකතු කරන කොට තමයි තියෙන වැරදි ඔක්කොම එකින් එක එළියට ආවේ. හරියට මහ බඩවැලයි කුඩා බඩවැලුයි ඔක්කොම එලියට ඇදිලා එනවා වගේ…

මේ මිලාධික උසස් තත්ත්වයේ ජවසම්පන්න අශ්වයින් සඳහා නිසි පරිදි ගුණාත්මක ආහාර, බේත්හේත් විටමින් හා විවේකය පහුගිය කාලේ පුරාවට ලැබිලා නෑ කියලයි අශ්වාරෝහකයා කියන්නේ.

අශ්වයො බලාගන්න නිවැරදි ආහාර රටාව ගැන දන්න suranjith premadasa වගේ අශ්වාරෝහකයො කියන්නේ ඔවුන්ට ආහාරයට බාර්ලි, ඕට්ස්, මුංඇට, කඩල වගේ ධාන්‍ය ක්‍රමානුකූලව නිසි උපදෙස් පරිදි දිය යුතුයි. කැරට් සලාද පළාවර්ග වැනි විටමින් බහුල එලවලු දෙන්නත් නිසි ප්‍රමිතියක් තියෙනවා. පිරිසුදු පානීය ජලය වගේම ධාන්‍ය තැම්බූ වතුර, කිරි ආහාර ද්‍රව්‍ය දෙන්නෙත් නිසි උපදෙස් මත. ශරීරයේ උෂ්ණත්වය රැක ගැනීම සඳහා කල යුතු ව්‍යායාම මගේම ප්‍රතිකර්ම රැසකුත් තියනවා. විශේෂඥ උපදෙස් මත මේ සත්කාර කිසිවක් පහුගිය කාලයේ මේ වටිනා අශ්වයින් වෙනුවෙන්  සිදුව නැති බවයි පරීක්ෂණයේ වාර්තා වුනේ…

අශ්වයින් පිලිබද වගකීම දරන බලධාරියා කවුදැයි ඊළඟට හොයා බැලුනා. අතීතයේ පටන්ම අශ්වාරෝහක කොට්ඨාසය පැවරී තිබුනේ කොළඹ දකුණ දිසාව භාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාට.

හනුමන්ගේ අවධානය අවදානය ඊළඟට යොමු වුණේ වැදගත්ම කාරණාවකට. මේ අශ්වයින්ට සපයන ආහාරපාන හා බේත්හේත් එන්නේ කොහෙන්ද කියලා හොයල බලද්දි ඒක පොලිසියෙ ඉහළ නිලධාරීන් කවුරුත් සුරකින රාජ්‍ය රහසක් බව හනුමන් හැඟී ගියා.

ආහාරපාන සපයන්න මැදිහත් වෙලා තිබුනේ තිබුනේ දැනට යාපනයේ කොට්ඨාසය කොට්ඨාසයක් භාරව ඉන්න senior ඩී අයි ජී. ඔහුගේ රෙකමදාරුව අනුව අශ්වාරෝහක කොට්ඨාසයේ අශ්වයින්ට හා ආහාරපාන සපයන සැපයුම්කරු ගැන හොයා බලන්න හනුමන් වෙහෙසුනා. සැපයුම්කරුගේ ලිපිනය මරදානෙ තැනක් ලෙස ලියකියවිලි වල සටහන්ව තිබුණත් එහෙම ව්‍යාපාරික ආයතනයක් වත් ලිපිනයක් වත් හොයාගන්න දිව නෙතින් බලන හනුමන්තාට වත් බැරි වුනා…

සැපයුම්කරුවෙකු කියල කෙනෙක් පොලිසියේ ලිපි ලේඛන වල ඉන්න බව ඇත්ත… ඒත් අදාළ ලිපිනයක්වත්  ව්‍යාපාරික ආයතනයක් වත් මේ මහ පොළොව මත නැති තත්ත්වයක් තුළ මේ කියන අශ්වයින් බඳු ජාතික සම්පත් සුරැකීමට ලබා දෙන ආහාර පාන වල ප්‍රමිතිය ගැන කවර විස්වාසයක් නම් තියන්න ද… මේ ගැන හිතපු නිසා දෝ ඉහළම පොලිස් ලොක්කන්ගේ ඉහමොළ පහුගිය දවස්වල දවස් වල හොඳටම ගිනියම් වෙලායි තිබුණේ.

මහජන සුරක්ෂාව හා නීතිය හා සාමය පවත්වාගෙන යන්නට තිබෙන ආයතනයේ ඇතුළාන්තයේ වැඩ කෙරෙන්නේ මෙහෙම නම් රටේ මහජනතාව මහජනතාවට ලැබෙන ආරක්ෂාව කුමක්ද කියලා හනුමන් බ්‍රෝ  කල්පනා කරන්න පටන් ගත්තා.

හනුමන් අන්තිමේ  මේ පොලිස් කොට්ඨාශය කියන එකේ ඉතිහාසය ගැන ටිකක් විමසලා බලන්නත් උත්සාහ කළා. හනුමන්ගෙ දෑස් අන්තර්ජාලයෙ විකිපීඩියාවේ තියන ශ්‍රී ලංකා පොලිසියේ කඳුකර කොට්ඨාසය කියලා තැනක නතර වුණා.

එතනින් කියවෙන විදිහට මේක පොලිසියේ තිබෙන පැරණිම කොට්ඨාසයක්. ආරම්භ වෙලා තියෙන්නේ 1921 කොළඹ සාන්ත සෙබස්තියන් කන්දේ පිහිටි රාජකීය විද්‍යාලය කලින් තිබුණු පරිශ්රයේ තැනක. ඒ එදා…

කොළඹ දකුණ දිසාව භාර පොලිස් ලොක්කගෙ පාලනය යටතේ පවතින මේ කොට්ඨාශයට පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙක් , උප පොලිස් පරීක්ෂකවරුන් 4 දෙනෙක් ඇරයුම් වරු දහ දෙනෙක් හා කොස්තාපල්වරුන් 34 දෙනෙක් අයත් කියලයි කියන්නේ. ඉහත කී අන්දමේ වටිනාකම් සහිත ජවසම්පන්න උසස් තත්ත්වයේ අශ්වයින් 60 දෙනෙකුගෙන් මේ පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය පොහොසත් බවයි හනුමන් කිව්වේ.

1925 සිටම රාජකීය සංචාරයන් හි දී පරිවාර ආරක්ෂාව සැපයීම, ආණ්ඩුකාරයාගේ ආරක්ෂාව හා ගෞරවනීය බව රැක දීම  ආදී වගකීම් රැසක් මේ කොට්ඨාසය වෙත පැවරී තිබුණා….

1948 දී නිදහස ලැබීමෙන් පසු නිදහස් සැමරුම් උත්සවය ඇතුළු විවිධ සැමරුම් උත්සවවලට මේ අශ්වාරෝහක කොට්ටාශයේ අශ්වයින් යොදාගෙන තිබුණා. එදා පටන් දූත කණ්ඩායම් පිළිගැනීම  විශේෂ රාජ්‍ය උත්සවවලදී අලංකාරය පිණිස කටයුතු කිරීම දෙස් විදෙස් රාජ්‍ය නායකයන්ට ගෞරව පිණිස වන පිළිගැනීම් වල දී පරිවාර කටයුතු ඉටු කිරීම වගේ රාජකාරි රැසක් අශ්වාරෝහක කොට්ඨාසයෙන් ඉටුවුණා. පසුකාලීනව කොළඹ නගරයේ ආරක්ෂක විමර්ශන කටයුතු වලටත් රථ වාහන හැසිරවීම වලටත් මේ අශ්වාරෝහක කොට්ඨාශයේ අශ්වයින් යොදාගත් බව පෙනෙන්නට තිබුණා.

(හනුමන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here