ජනසභාවටත් හෙනහුරෙක්
පසුගිය රාජපක්ෂ පාලනයට එරෙහිව පැවැති ගෝඨා ගෝ හෝම් අරගලයේ ප්‍රධාන ඉල්ලීමක් වූ පාර්ලිමේන්තුවෙන් පිටත බලයක් ගොඩනැගීමේ ජනසභා නිර්මාණය කළයුතුය යන ඉල්ලීමට කන් දෙමින් ජනපති රනිල් වික්‍රමසිංහ ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කළා.
ඒ අනුව ජනසභා ගොඩගැනීමට අදාළ කටයුතු සිදුකිරීමේ වගකීම සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයට පැවරූ අතර එහි සභාපති කරූ ජයසූරිය බැහැලම වැඩේ පටන් ගත්තා.
අපිට ආරංචි වෙච්ච විදිහට ජනසභා කන්සෙප්ට් එකට අදාළ ලියවිල්ල ලියලා තියෙන්නෙ, වරුණ රාජපක්ෂ,
සංජීව විමලගුණරත්න සහ අකලංක හෙට්ටිආරච්චි යන තුන්දෙනා එකතුවෙලා. එයාලා ලියවිල්ල භාරදීලා යෝජනා කරලා තියෙන්නේ වැඩේ සාර්ථකව කරන්න නම් අරගලයේ හිටපු නිර්පාක්ෂික නමුත් ලිබරල් අදහස් දරණ තරුණ තරුණියන් පිරිසක් යොදාගෙන මේ වැඩේ ඉදිරියට කළයුතු බවයි.
කොහොම හරි වැඩේ ටික ටික ඉදිරියට කෙරීගෙන යද්දි නිර්දේශපාලනික සහ ස්වාධීන කණ්ඩායමකින් මෙහෙය විය යුතු ජනසභා වැඩේ ඇතුළට සජිත්වාදී සජබ නියෝජිතයෙක් රිංගලා කියලා තමයි දැනගන්න ලැබුනේ.
ඒ තමයි, දැඩි සජිත් පාක්ෂිකයෙකු ලෙස පසුගිය කාලය පුරා සජබය සමග වැඩකරපු චමින්ද ගමගේව ජනසභා කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් පත්කරලලු.
බලාගෙන ගියාම ජනාධිපති රනිල් ජනසභා වැඩේ යූඑන්පී නොකර සාධාරණ සමාජයට භාරදීලා තියෙන්නෙ, ඒක පක්ෂග්‍රාහී නොවී කරගෙන යන්න ඕන නිසා වුණාට අන්තිමේදි සාධාරණ සමාජයේ කරූටත් සජිත්ගෙ මිනිහෙක් ගාවගන්නෙ නැතුව වැඩක් කරගන්න බැරිවෙලා කියලා තමයි කට්ටිය අපිට කිව්වේ…