කාලයක් පුරා ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලු ලොතරැයි පත්වල දිනුම් ඇදීම් සිදුකළේ සහ ප්‍රචාරය කරන ලද්දේ ජාතික රූපවාහිනීය ඔස්සේ ය.
එහෙත් හිටි අඩියේම මුදල් අමාත්‍යාංශයේ මැදිහත් වීමකින් එය ස්වාධීන රූපවාහිනීය වෙත පවරා දෙන ලදි.
ඒ හිටපු ලේකම් ආටිගලගේ සෘජු මැදිහත් වීමකිනි. මෙයට ප්‍රධාන හේතුව ස්වාධීන රූපවාහිනීයේ කොටස් මහ භාණ්ඩාගාරයට හිමිවීමයි.
කෙසේ වෙතත් ස්වාධීන රූපවාහිනීයට ලොතරැයි දිනුම් ප්‍රචාරය කිරීම පැවරීමේදී රූපවාහිනීයට සිදුවන පාඩුව භාණ්ඩාගාරයෙන් ගෙවීමට එකග වුවත් එය එසේ සිදුවී නැත.
ස්වාධීන රූපවාහිනීය ඔස්සේ ප්‍රචාරය වූ ලොතරැයි දිනුම් ඇදිම නිෂ්පාදනය කලේ සැලසිනේ ආයතනයයයි.
මෙවර ප්‍රචාරය කිරීම පමණක් නොව දිනුම් ඇදීමද ස්වාධීන රූපවාහිනීයට ලබාදීමේ අරමුණින් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ආරම්භ කෙරිණි.
එහිදී ආරම්භයේ පටන්ම වැරදි සහගත ආකාරයට මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදුකර තිබේ.
සැලසිනේ ආයතනය තම ලියවිලි භාරදී ඇත්තේ නියමිත කාලයට විනාඩි කිහිපයක් පසුවය.
ලොතරැයි මණ්ඩලයට කිලෝමීටර් 5 කට නොදුරු ස්ථානයක මෙම පටිගත කිරීම සිදු කළ යුතු විය.
ස්වාධින රූපවාහිනීය ටොරිංටන් හි පිහිටි ගොඩනැගිල්ල නවීකරණය කර ලොතරැයි දිනුම් ඇදිම සිදු කරන බව දන්වා ඇතත් මුදල් නොමැති කමින් එය අතහැර දමා දැන් වෙනත් ශාලා සොයමින් සිටී.
මෙය ප්‍රසම්පාදන කොන්දේසි කැඩීමකි.
එසේම ප්‍රසම්පාදන ක්‍රියාවලිය අතරතුර ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති ලලිත් පියුමි පෙරේරා ස්වාධීන රූපවාහිනීයේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කරන ලදි.
මෙය බරපතල කරුණක් බව මුදල් අමාත්‍යාංශයේම උසස් නිලධාරින් විසින් පෙන්වා දී තිබේ.
මේ සම්බන්ධයෙන් ජාතික රූපවාහිනීයේ සභාපති ගනේගල මහතා දැඩි විරෝධය පළ කර තිබේ.
ජාතික රූපවාහිනීයේ සභාපතිවරයා නැවතත් ලිඛිතවම තම විරෝධය දක්වා තිබේ.
සැලසිනේ ආයතනය ද මේ සම්බන්ධයෙන් ලිඛිතව කරුණු දක්වා තිබේ.
එහෙත් මේ සියල්ලම නොසලකා හැර ලබන ජනවාරියේ සිට ස්වාධීන රූපවාහිනීයට ලොතරැයි දිනුම් ඇදීම ලබාදීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි ලොතරැයි මණ්ඩලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.