මේ වසර අවසානය වන විට සිය යුධ හමුදා දිවියේ උපරිම වයස් සීමාවට එලැබීමට නියමිත වීමේ හේතුවෙන් විශ්‍රාම ගැනීමට නියමිත වත්මන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ විසින් සිදුකල අකටයුතුකම් හා සල්ලාල කම් පිලිබදව බොහෝ ජනමාධ්‍ය මගින් වාර්ථා කිරීම සාමාන්‍ය කරුනක් බවට පත් වී තිබිනි. එහි උච්චතම සිදුවීම් ලෙස පී ජී මාටින්ස් ආයතනය විසින් නිර්මානිත රාජ්‍ය තාන්ත්‍රික ලිපිගොනු බෑගයක් යුධ හමුදා ජනතා අරමුදල් වලින් මිලදීගෙන එම බෑගය යුධහමුදාවේම පරම නිපැයුමක් ලෙස හුවා දක්වා අතිගරු ජනාධිපති තුමන් ඇන්දවීම දෙස් විදෙස් මාධ්‍ය අවදානයට යොමු වූ අතර අනෙකුත් ආසන්න සිදු වීම වූයේ මාදුරුඔය විශේශ බලකා විසිර යාමේ උත්සවයේදී වෙරි වැඩිවීම නිසා සිය නිලයට නොගැලපෙන ලෙස ජේශ්ඨ නිලදාරීන්ගේ බිරින්දෑවරුන් ඉදිරියේ අශෝබන ලෙස හැසිරීමයි. මෙම තත්වය පාලනය කරගනිමින් සිය තනතුරෙහි ගරුත්වය රැක ගනු වෙනුවට තව තවත් සදාචාරයේ නොමනා අන්තයට යන්නට ඔහු කටයුතු කරන බවට ඊයේ දින සිදු වූ සිදුවීමකින් වාර්ථා වෙයි.
ලංකා නාවික හමුදාවට ලැබුනු නව නාවික යාත්‍රාව තුල දෙස් විදෙස් ප්‍රභූන් හමුවේ පැවති ප්‍රිය සම්භාශනය සදහා ආරක්ශක ලේකම් කමල් ගුනේ හා එකට සහභාගී වූ යුධ හමුදා නියෝජිතයන් අතර හමුදාධිපති විකුම් ලියනගේ හා හිටපු යුධ ලේකම් ජෙනරාල් බෝතොට ද සිට ඇති අතර එහිදී බීමතින් හා බමන මතින් රූමත් පුවත්පත් කලාවේදිනියක් වෙත ලගා වී සිය සංග්‍රාමික අත්දැකීම් හා රනබිමේදී තුවාලවීම් පිලිබදව අතිශයෝක්තියෙන් පැටලී පැටලී අදහස් ප්‍රකාශ කරන බව ආරක්ශක ලේකම් කමල් ගුනරත්නට නිරීක්ශනය වීමේ හේතුවෙන් කනිශ්ඨ බ්‍රිගේඩියර් වරයෙකු මගින් ඔහු එම ස්ථානයෙන් ඉවත් කර ඇත්තේ තවත් එහි රැදීසිටියහොත් සිදුවන අවමානය පූර්වේක්ශනය කිරීමේ හැකියාව ආරක්ශක ලේකම් සතු වූ නිසා බැව් වාර්තා වෙයි.
එසේම පසුගියදා අතිගරු ජනාධිපති තුමන් හමුවී ආරක්ශක හමුදාධිපති වරුන්ගේ සේවා දීර්ඝ කිරීම් පිලිබදව සිය වාසියට කරුනු දැක්වූ ආරක්ශක ලේකම් විසින් මේ වසර අවසානයේ විශ්‍රාම ගැනීමට නියමිත වත්මන් නාවික හමුදා මාන්ඩලික ප්‍රධානී හටනාවික හමුදාපති ධූරය ලබාදීමට වාචික අනුමැතිය ලබාගෙන ඇත්තේ මූලිකවම දෙසැම්බරයේ විශ්‍රාම යෑමට නියමිත යුධ හමුදාධිපති සට්ටැම්බියා හට සේවා දීර්ඝයක් ලබාදීමේ අරමුනිනි. අදාල සාකච්චාවෙන් පසු කෙලින්ම හමුදාධිපති ඇමතූ ආරක්ශක ලේකම් විසින් “ඔන්න විකුම්, ඔයාගෙ වැඩේ හරි,දැං මගේ වැඩටික මං කියපු විදිහට කරන්න ” යැයි පවසා ඇත.
එවිට එයින් උද්දාම වු ජෙනරාල් විකුම් ලියනගේ එතැන් සිට පසුගියදා තමන්ගේ අයුතු ක්‍රියාකාරකම් සද්භාවයෙන් විවේචනය කල අවංක හා සාධාරණ හමුදා නිලධාරීන් වෙත තර්ජනාංගුලිය ඔසවා ඇත්තේ ආරක්ශක ලේකම්ගේ පොරොන්දුවේ බලය උපයෝගී කරගනිමින් බව වාර්ථා වේ.
සිය නොපනත්කම් පිලිබදව වන හෙලුව වසා ගන්නට පවතින නීති නැවත නැවත් සිහිපත්කරමින් ඊට අලුත් නීති එක්කරමින් සමාජ මාධ්‍ය වෙත තොරතුරු ගලා ඒම වැලැක්වීම සදහා දෙසැම්බර් 12 වන දින ප්‍රකාශිත ලිපිය අපවෙත එවලේම ලැබුනු අතර එය 13 වන දින රාත්‍රියේ මුද්‍රිත ජාතික පුවත්පත් වල වාර්තා වූයේ ලියුමේ තීන්ත වේලීමටත් ප්‍රථම බව විකුම් දැනගන්නට ඇත්තේ උදෑසන රූපවාහිනී පුවත්පත් සිරස්තල වලිනි.
විකුම්, ජනමාධ්‍ය ලෙස අපහට ප්රකාස්ග කල හැක්කේ එක එයක් පමනි. අප දැන් සිටින්නේ ඩිජිටල් ඊරාවක් පසුකරමින් වන අතර ජාතික ව්‍යසනය හමුවේ ඔබගේ අසාධාරණ හා නොමනා ක්‍රියා පිලිවෙත් හෙලිදරව්ව කිසිදු ලෙසකින් ජාතික ආරක්ශාවට තර්ජනයක් නොව එය මේ අභාග්‍ය සම්පන්න මොහොතේ වන ජාතික අවශ්‍යතාවයකි.
ජනතාවට වගවීමට ඇති යුතුකම අපි ඔබට නැවත අවධානය කර සිටිමු. ඔබ පිස්සු කෙලින්නේ අවවරප්රසාදිත ජනතා බදු මුදල් සමගිනි. ප්‍රවේශම් වන්න. මෙය උපදිනා ආත්ම ගනනාවක් ගෙවීමට සිදුවන පවකි.