හමුදාව තුල සිටින සිය සට්ටෑබියන් හට අයුතු ලෙස උසස් වීම් ලබාදීමේ කූට උපක්‍රමයක් කමල් ගුනේ සමගින් විකුම් ලියනගේ විසින් ක්‍රියාත්මක කර ඇත.
එමගින් සැබෑ දක්ශයින් හා ජේශ්ඨයන් යටපත් කර මුට්ටි අල්ලන සට්ටෑබියන් හට උසස් වීම් ලබාදී ඇත්තේ 75 වන නිදහස් සැමරුමට මුවා වෙමිනි.
මෙතෙක් කලක් යුද්ධ හමුදාව තුල වූ උසස් වීම් ලබා දීමේ සම්ප්‍රදාය වූයේ ජේශ්ඨතාවය මත උසස් කිරීම වූවද සිය නිහීන අභිලාශයන් උදෙසා පශ්චාත් භාගය ලෙව කෑ අදක්ශයින් හට උසස් වීම් දෙන්නට ලකුනු ක්‍රමයක් හදුන්වා දෙමින් එහි ලකුනු ලබා දීමේ වරප්‍රසාදය හමුදාධිපති සතුවම ඒකාධිපති ලෙස තබා ගනිමින් තමන්ගේ සට්ටැබියන් හට උපරිම ලකුනු ලබාදී යුධ පෙරමුනේ සිට වැඩකල සැබෑ දක්ශයින් පහලට ඇද දමා වැඩ් බැරි දාසලා බ්‍රිගේඩියර් හා මේජර් ජෙනරාල් වරු බවට පත් කරන්නට වත්මන් යුධ හමුදාධිපති කටයුතු කර ඇත. ඒ බැව් අප විසින් පහත සදහන් පරිදි සාධනීය ලෙස ඔප්පු කරනුයේ පිලිකුලෙන් හා කනගාටුවෙනි.
යුද්ධ හමුදා ස්වේච්චා බලසේනාවේ සැබැවින්ම ක්‍රියාන්විත් රාජකාරියේ යෙදී සිටි යුද්ධයට සක්‍රීය දායකත්වය ලබාදෙමින් පූනරීන් යාපනය හා නැගෙනහිර ප්‍රදේශ වල රාජකාරී කල සිය සමස්ථ දිවියම රට හා හමුදාව වෙනුවෙන් කැප කල සැබැවින්ම ලකුනු හිමි දක්ශ නිලධාරීන් පස්සට දමා ඒ වෙනුවට සේවාවනිතා ශාඛාව තුල සිය බිරිදට මුට්ටිය ඇල්ලූ සේවා බලකායට අයත් නිලධාරියෙකු වන කර්නල් නලින්ද මහවිතානව යුධ හමුදාධිපති විසින් බ්‍රිගේඩියර් නිලයට උසස් කර ඇත. මහවිතානගේ සහ විකුම් ගේ සම්බන්ධතාවය මුලින්ම ඇතිවන්නේ මන්නාරම බලසේනාධිපති හා සිවිල් සම්බන්ධීකරන නිලධාරි ලෙස වන අතර, සේවා බලකායට අයත් නිලධාරියෙකු වන ඔහු එදා සිට අද දක්වා විකුම් ලියනගේ හට සියලු සේවා සැපයීමට කටයුතු කර ඇති බවනම් සැබෑවකි. මෙම කර්නල් වරයාව විකුම් යන යන තැන පස්සෙන් රැගෙන යන අතර ඔහු ස්වේච්චා බලසේනාවේ සේනාවිධායක වන විට එහි කර්නල් භට කාර්ය ලෙස පත් කරගත්තේය. එහිදී සෙබලියන් සැපයීමේ කාර්‍ය්ට අමතරව එම මූලස්තානයෙන් රාජකාරී අහවරව නික්මයන දිනයේදී ගරුකටයුතු ලෙස හා සම්ප්‍රදායක ලෙස ලබාදෙනජෙනරාල් සිල්වර් අසිපත වෙනුවට අති විශාල මුදලක් විකුම් ලියනගේ හට පරිත්‍යාග ලෙස බැංකු ගිනුමට තැන්පත් කලේ මොහු විසිනි. ඊට අමතරව මොහුගේ හා නිවසේ සියලු කෑම් බීම් ඉදුම් හිටුම් සම්පාදනය කිරීමද මෙම සට්ටෑබියා විසින් සිදු කෙරිනි. පසුව හමුදාධිපති ලෙස පත් වූ විගස කර්නල් මහවිතානව සේවා ගනිකා, (සමාවන්න,) සේවා වනිතා ශාඛාවේ කර්නල් සේවා වනිතා ලෙස පත් කර ගත්තේ පැරනි සැප මතකයේ නිරන්තරයෙන් තිබුනු හෙයිනි. සිය සට්ටෑබි යුතුකම මැනවින් ඉටුකරන ඔඩොක්කු කුක්කෙකු වන මොහුගේ අයුතු වංචනික ක්‍රියා පිලිබදව මේ වසරේ දෙසැම්බරයෙන් පසු එනම් විකුම් ලියනගේ විශ්‍රාම ගිය පසු සියලු සාක්ශි සමග එලිගන්වන්නට බොහෝ නිලධාරීන් දත කට මැදගෙන සිටියි.
දෙවැනි සට්ටෑබියා වනුයේ දැනට ජාතික ආරක්ශක බලමුලුවේ සේනාවිධායක ලෙස කටයුතු කරන කර්නල් (දැන් බ්‍රිගේඩියර් ) කීර්තිනාථ අප්පුහාමී වේ.හමුදාධිපති විසින් ගජබා රෙජිමේන්තුට අමතරව ස්වේච්චා රෙජිමේන්තුවක් වන ආරක්ශක බලමුලුව සිය භාරයේ තබා ගන්නේ ඇයිදයි යන්න බොහෝ අයට ගැටලුවක් වන නමුත් එම රෙජිමේන්තුවේ සංසරනය වන අතිවිශාල වත්කම් හා මුදල් ප්‍රමානය නිසා එය හමුදාධිපති භාරයේම තබා ගනිමින් හොදින් ක්‍රීඩා කරන බව නම් සැමට නොරහසකි. කර්නල් අප්පුහාමීද සිය සට්ටැම්බි රාජකාරිය මැනවින් ඉටු කරමින් අහිංසක සෙබලුන්ගේ අති විශාල ඉතිරිකිරීම් මුදල් ඇතුල සියලුම දේ අයතා ලෙස හමුදාධිපතිගේ පුද්ගලික සුඛ විහරනයට යොදන බව හෙට අනිද්දා එන විගන්න වලදී ඔප්පුවෙනු නොඅනු මානය.
සිය උප්පැන්නය වසර තුනකින් වෙනස් කර හමුදාවට පැමිනි කර්නල් කීර්තිනාථඅප්පුහාමි විසින් සිදුකල ලී බඩු හොරෙන් පැටවීමක් පිලිබදව වැටුප් හා ලේඛන අදධ්‍යක්ශක මන්ඩලයෙන් පවා සනාථ කර තිබියදී ඔහුගේ නිකලැල් සේවය සදහා ලබා දෙන සියලු ලකුනු හා හමුදාධිපති විසින් සියලු ලකුනු ලබා දී ඔහු බ්‍රිගේඩියර් නිලයට උසස් කර ඇත්තේ ඉතා නුදුරේදී හමුදාධිපති දියනිය වෙත කොලඹින් මිලදි ගැනීමට බලාපොරොත්තු වන ඉඩම සදහා මුදල් සම්පාදනය මොහු විසින් සිදු කරන බැවිනි. එසේම මොහුගේ හොර උප්පැන්න පිලිබදව පරීක්ශන පවත්වන ලෙස මීට ප්‍රථම කොතරම් ඉල්ලා සිටියද ඒ පිලිබදව කනකටවත් මායිම් නොකරන්නට හමුදාධිපති පරිස්සම් වෙයි අසාධාරණ උසස්වීම් ලද අනෙකා වනුයේ කර්නල් බන්දුල ලේකම්ගේ වන අතර ඔහු යුධ හමුදාවට බැදීමට පෙර නාවික හමුදා සේවයේ යෙදී සිට වංචනික ලෙස යුධ හමුදාව වෙත බැදී ඇති අයෙකි. මාන්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් චන්න වීරසුරිය හා එකම පන්තියේ සිටියෙකු වීම නිසාම ඔහුට වැඩි ලකුබු ලබාදී ඇති බව බොහෝ අය ප්‍රකාස් කරයි
මීට අමතරව ෆජබා හා ජාතික ආරක්ශක බලමුලුවට අයත් බොහෝ දූශිත නිලධාරීන් හට හමුදාධිපති හට වෙන් කර ඇති උපරිම ලකුනු ප්‍රමානටය තනි මතයටම ලබාදෙමින් සැබෑදක්ශයින් හට ලකුනක් දෙකක් වැනි සුලු ප්‍රමානයක් දෙමින් ඉතා අසාධාරණ ලෙස නුසුදුසු සට්ටෑබියන් ඉහලට ගෙන ඒම මගින් කරනල් හා ලුතිනන් කර්නල් නිල රාශියකට නිදහස සැමරීමේ මුවාවෙන් උසස්වීම් ලබා දී ඇත.
ඉන් නොනවතින හමුදාධිපති විසින් සැලසුම් කර ඇති අනාගත වැරදි වැඩ ගැනද අපි අද අනාවැකි ලෙස මෙසේ සරහන් තබමු. හමුදාධිපති විසින් මීලගට කරන්නට බලා පොරොත්තු වන්නේ ඔහු සතු මෙම අන්තෝමතික ඒකාධිපති ලකුනු ප්‍රමානටය භාවිතා කරමින් සිය දෙමස්සිනාලා දෙදෙනා ඊලග නිලයන්ට උසස් කිරීමයි. එනම් අයුතු ලෙස දියතලාව ස්වේච්චා පුහුනු පාසලේ සේනාවිධායක ලෙස පත් කර සිටින (එහි සේනාවිධායක ලෙස පත් කරන්නට සුදුසු දක්ශ, උගත් ජේශ්ඨ නිලධාරීන් සිටියදී ) කර්නල් ජයන්ත ජයරත්න යන බාල මස්සිනාව ලබන අප්‍රේල් මාසයේදී බ්‍රිගේඩියර් නිලයටත් අනෙක් මස්සිනා වන යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් හේරත් මේජර් ජෙනරාල් නිලයටත් උසස් කිරීමයි. එය මෙම වැරදි ක්‍රමය මගින් අනිවාර්යයෙන්ම සිදු කරනු ඇත.
එසේම විවිධ හේතූන්මත එනම් අධ්‍යාපන හා සිවිල් රැකියා අවශ්‍යතාවය සදහා සක්‍රීය සේවයෙන් මිදී යාමට ස්වේච්චා නිලධාරියෙකු හට ඇති පරම අයිතිය ඉතා අයුතු ලෙස වලක්වාලමින් එසේ ගිය අයවලුන්ගේ සේවා ජේශ්ඨතාවය කපාහරිමින් ඔවුන්ගේ උසස් වීම් අහිමිකර එමගින් අප්‍රානිකව සිටින සිය ස්ට්ටැබියන් ප්‍රානවත් කරන්නට ගන්නා උත්සාහය බොහෝ විශ්‍රාමික ජේශ්ඨ නිලධාරීන් විසින් හෙලා දැක ඇත.
අවසානයේ යුද හමුදාධිපති .මේජර් ජෙනරාල් විකුම් ලියනගේ හට කෙටියෙන් ප්‍රකාශ කල හැක්කේ මෙයයි.
ඔබ අද වැටුප් ලබන්නේ දුප්පත් මහජනතාවගේ බදුමුදල් වලිනි.
සියලු අයතා සැපලබන්නේ ද මහජන බදු මුදලිනි.
රාජ්‍ය සම්පත් අයුතු ලෙස භාවිතය යනු මේ ආත්මයේ පමනක් නොව ආත්ම ගනනාවක් පටිසන් දෙන පාප කර්මයකි.
සුදුස්සා හට සුදුසු තැන නොදී අසාධාරණ ලෙස සට්ටෑබියන් උස්සා තබා නිල උසස්වීම් ලබාදීම හා ඒ තුලින් ඔබ අයුතු සම්පත් භාවිතයද අපරාදයකි.
සිරිසේන ග්‍රාමසේවක තුමා විසින් ඊයේ පෙරේදා සමාව ආයාචනය කලා සේ ඔබටද ඔබ කරන විනාශය හේතුවෙන් සමස්ථ යුද්ධ හමුදාව වෙතින් සමාව ගැනීමට ඉතා නුදුරේදී සිදුවනු ඇත