අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව හිටපු පරණ ලොක්කෙක් වන ශානි අබේසේකරට ඇති චෝදනා පිළිබඳ සියළු පරීක්ෂණ නවතා දමන්නැයි පොලීසියේ ඉහළම පුටුවකින් රහස් පොලිසියට කළ අයුතු බලපෑමක් ගැන මේ දවස් වල පොලිසිය කතාවෙනව.
ඒත් එක්කම රහස් පොලීසියට ශානි අබේසේකර කරපු තර්ජනයක් ගැනත් පොලිස් මූලස්ථානය පැත්තෙන් තොරතුරු වාර්තා වෙනවා. පරීක්ෂණ නවතා තමන් නිදොස් නොකළොත් මෛත්‍රීපාල සිරිසේනගෙන් පලිගත්තා මෙන් ජාත්‍යන්තර උසාවියක නඩු දමා වගකිව යුතු සියලුම පොලිස් ලොක්කන්ට පාඩමක් උගන්වන බව ශානි අබේසේකර ඉහළ පොලිස් නිලධාරීන්ගේ මූණටම කියලා.
ඔය සිද්ධිය උනේ මෙන්න මෙහෙමයි.
පහුගිය දවසක පොලීසියේ ඉහළම පුටුවක් හොබවන නිලධාරියෙකු විසින් රහස් පොලිසිය, ඒ කිව්වේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර ඉහළම නිලධාරීන් දෙදෙනාව පොලිස් මූලස්ථානයේ පොලිස්පති කාර්යාලයට කැඳවලා. රහස් පොලිසිය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාටත් එහි අධ්‍යක්ෂවරයාට දැනුම් දීලා තියෙන්නේ ශානි අබේසේකර කියන නිලධාරියාට එදිරිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවත්වන විමර්ශන ලිපිගොනුත් රැගෙන එන්න කියලා.
මේ නිලධාරීන් ලිපිගොනු තුනකුත් අරන් අදාල කාමරේට යනකොට එතන තවත් තුන් දෙනෙක් ඉඳලා. ඉහළම පුටුව හොබවන නිලධාරියාට අමතරව රහස් පොලිසියේ නීති අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර එතන. පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර කීර්තිපාල කියන නියෝජ්‍ය පොලිස්පතිවරයාත් එතන. ඒ හැරුණාම මේ කතාවේ නායක ශානි අබේසේකරත් එතනම ඉදලා.
ඔක්කොමල ඉදිරියේ කතාව පටන් ගත්ත ඉහළ පොලිස් නිලධාරියා කියලා තියෙන්නේ ශානි අබේසේකර බදු නිලධාරින්ගේ වටිනාකම. ශානිට අසාධාරණයක් සිදු වී ඇති බව පෙන්වාදුන් ඉහළ ලොක්කා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යෝජනාවක් කරලා…
“ශානි අබේසේකරට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවත්වාගෙන යන සියලු විමර්ශන නවතා දමන්න. සියලු ලිපිගොනු වහලා දාන්න.”
ලබන මාර්තු අවසානයේ විශ්‍රාම ගන්නට බලාපොරොත්තුවෙන් ඉන්න ඉහළම පොලිස් ලොක්කා විශ්‍රාම යන්නට ප්‍රථම ශානිට සාධාරණයක් ඉටු කර යා යුතු බවයි කියලා තිබුණේ. එහෙත් තමන්ගේම ප්‍රධානියා චූදිතයෝ ලඟ තබාගෙන එම විමර්ශන ගැන කරන මේ අයුතු බලපෑම ගැනනම් රහස් පොලිස් නිලධාරීන් සතුටට පත්වෙලා නෑ…
ඒ මොහොතේ තමයි ශානි අබේසේකර ඉහළ පොලිස් නිලධාරීන්ට මෙන්න මෙහෙම තර්ජන කරන්න පටන් අරන් තිබිලා තියෙන්නෙ…
“ඒ අසාධාරණය නිවැරදි වෙන්නම ඕන. මං වෙනුවෙන් යුක්තිය ඉටුවෙන්න ඕන. මට වැරදි කරපු අයට දඬුවම් ලැබෙන්නත් ඕන. එහෙම නැත්තං මම ජාත්‍යන්තරයේ නඩු දාලා ජාත්‍යන්තරයෙන් මේකට වගකිව යුතු ඔක්කොටම දඬුවම් අරන් දෙනවා. දැනටමත් මම ඇමෙරිකාවේ ඒ නඩු වලට අවශ්‍ය නීතිමය ලියවිලි සකස් කරලා ඉවරයි. අනිවාර්යෙන්ම මම ඒ දේ කරනවා. පේනවා නේද මෛත්‍රීපාල සිරිසේනලාට වෙලා තියෙන දේවල්… ඉස්සරහට තව තව දේවල් සිද්ධ වෙයි…”
ශානි අබේසේකර ඒ විදියට පැනලා කතා කරලා මොන විදියේ තර්ජන කලත් රහස් පොලිස් නිලධාරීන් ඒ කිසිවකින් කලබල වෙලා නෑ කියලයි ආරංචිය. නිහඬව විරෝධය පළ කරපු ඔවුන් සාකච්ඡාව නිමා කර විසිරිලා ගිහින්…
ශානි කියන්නේ තමන්ගේම ලොක්කා කියන විදියට අසාධාරණයට ලක්වුණු නිලධාරියෙක් නොවන බව ඔප්පු කරන්න ඕන තරම් ප්‍රබල සාක්ෂි ඒ අදාළ ලිපි ගොනුවල පුරවලා තිබුනත් විමර්ශන නිලධාරීන් සද්ද කරල නෑ.
ශානිට එරෙහිව තිබුණු චෝදනා සුළුපටු නැති බවයි ආරංචි. දේශපාලනඥයන්ට අවශ්‍ය පරිදි යම් යම් පරීක්ෂණ පවත්වන්න, සමහර පරීක්ෂණ නවත්වන්න, පරීක්ෂණ වල සාක්ෂි හදන්න, සාක්ෂි වෙනස් කරන්න, ඇතැම් නඩු වල නඩුකාරවරුන් ට බලපෑම් කරන්න, බී වාර්තා වෙනස් කරන්න වැනි වැරදි රැසකට අදාළ තොරතුරු රැසක් විමර්ශනවලින් හෙළිකරගෙන තිබිලා.
එවන් පරීක්ෂණ වල විත්ති කාරයෙක් ලඟ තබාගෙන තමන්ගෙම ලොක්කා විමර්ශන නිලධාරීන්ගේ රාජකාරිය අයුතු ලෙස හෑල්ලුවට ලක්කිරීම ගැන රහස් පොලිසියේ හා පොලිසියේ ඉහළ ම පුටුවල ලොක්කො ගොඩක් මේ දවස් වල දැඩි කලකිරීමකින් ඉන්නවා කියලයි ආරංචිය…
“වැටත් නියරත් ගොයම් කයි නම් කාට කියන්නද මේ අවනඩු”… කියලලු පොලිස් මූලස්ථානයේ පොඩි මිනිස්සු අද මේ ගැන කතා කරන්නේ.