ජනාධිපති ලේකම් තනතුරේ හැන්දෙන් බිරිඳටම බෙදලා….

0
918

65 වියැති විශ්‍රාමික පරිපාලන නිලධාරිනියට සාර්ක් කල්චරල් ඩිරෙක්ටර් පට්ටමක්…!


වාහන , ඉන්ධන, වැටුප් ඇතුළු මාසික ප්‍රතිලාභ ලක්ෂ 6 කට වැඩිලු….

සංස්කෘතික කලා ක්ෂේත්‍රයේ හසල අත්දැකීම් ඇති ප්‍රාමාණික උගතෙකුට හිමිවිය යුතු සුවිශේෂී තනතුරක් වන “සාර්ක් කලාපීය රටවල සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ” තනතුරට ජනාධිපති ලේකම් සමන් ඒකනායක තම බිරිඳ වන රේණුකා ඒකනායක පත්කර ඇතැයි පුවතක් ජනාධිපති ලේකම් කාර්යාලය පැත්තෙන් වාර්තා වෙනවා….

සාර්ක් කලාපීය රටවල සංස්කෘතික කලා හා පුරාවිද්‍යාත්මක කටයුතු වල ප්‍රවර්ධනය වෙනුවෙන් ඒ ඒ රටවලට මාහැඟි සේවයක් ලබාගත හැකි සුවිශේෂි ආයතනයක් වන සාර්ක් රටවල සංස්කෘතික මධ්‍යස්ථානයට මෙතෙක් කලක් මෙරටින් අධ්‍යක්ෂවරු පත් කර ඇත්තේ එක්කෝ පුරාවිද්‍යා ශේස්ත්‍රයේ උගතෙක්. එහෙම නැත්නම් සංස්කෘතික හා ලලිත කලා ක්ෂේත්‍රයේ විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක්, අංශ ප්‍රධානීයෙක් වගේ අය. මේ වන විට එම තනතුර හොබවන මහාචාර්ය ප්‍රශාන්ති නාරංගොඩ කියන්නෙත් කැලණිය විශ්ව විද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන පීඨයේ (faculty of fine arts) හිටපු අංශාධිපති.

එහෙම පූර්වාදර්ශ තිබියදීත් ජනාධිපති ලේකම්වරයා වයස අවුරුදු 65ත් පැනපු, ගෙදරට වෙලා විශ්‍රාම සුවයෙන් පසුවෙන හිටපු පරිපාලන නිලධාරිනියක වන තමන්ගෙ බිරිඳව පත් කරපු එක ගැන මේ රටේ ලලිත කලා ක්ෂේත්‍රයේ දැන උගත් බොහොම දෙනෙක් තම අප්‍රසාදය පළ කරන්න පටන් අරන්

කලාව සාහිත්‍ය සංස්කෘතිය පිළිබඳ මෙලෝ නිපුනතාවයක් නැති මේ විශ්‍රාමික පරිපාලන නිලධාරිනිය පහුගිය කාලේ සේවයේ හිටිය දී වුණත් කීර්තිමත් රාජ්‍ය නිලධාරිනියක විදිහට වැඩකරලා නෑ කියලයි කියන්නේ. ඇය පසු සම්පත් අමාත්‍යාංශයේ ලේකම්වරයා විදිහට අන්තිමට ඉදිද්දිත් ගෙන්නපු හරක් පැටව් ටිකට වෙච්ච දේ ගැන උත්තර නැති ප්‍රශ්ණ ගොඩයි.

කොහොමටත් මේ ආණ්ඩුව නිලධාරීන්ව හැටෙන් විශ්‍රාම යවන්න තීරණයක් අරන් ඉවරයි. එහෙම තීරණය කරපු ජනාධිපතිවරයාගේ ලේකම්වරයා මේ විදියට තමන්ගේ හැන්දෙන් තමන්ගෙ ගෙදර තමන්ගෙම බිරිඳට බෙදන්න පටන් ගැනීම ගැනයි හුඟ දෙනෙකුට ප්‍රශ්නේ.

ලබන අප්‍රේල් පළවෙනිදා ඉඳලා තනතුරේ වැඩ බාර ගන්න මේ විශ්‍රාමික මහත්මිය දැන් ඇඳුනුත් මහලා ඉවරලු. නිකන් නෙවෙයි. ලක්ෂ තුනහමාරක විතර මාසික පඩියකුයි වාහනේකුයි ඉන්ධන දීමනාවකුයි දුරකථන දීමනා ඔක්කොමයි එකතු වුනාම ලක්ෂ හයකට වැඩියිලු මාසික ප්‍රතිලාභ. එතකොට cultural කටයුතු වලට වසරකට කොච්චර නම් විදේශ සංචාර යන්න සිද්ධ වෙනවා ඇත්ද… ඒවත් ඉතින් යන්නෙ සාක්කුවෙන් වියදම් කරගෙන නෙවෙයිනේ…

රටේ වියදම් අඩු කරන්න කිය කිය මහජනතාවගේ බද පටි තද කරන්න නීතිරීති ගෙන ජනාධිපතිවරයෙකුගේ ලේකම්වරයෙක් මෙහෙම කරනකොට පොදුජනතාව ජනතාව ආණ්ඩුවට විරුද්ධව කළු කොඩි උස්සනවා හැර වෙන මොනවා කරන්න ද කියලත් කෙනෙක් කියනවා ජනාධිපති කාර්යාලය පැත්තෙනුත් ඇහුණලු…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here