‘ශ්‍රී ලංකා ටෙලිකොම්’ : කණකොකා හඬලන ලකුණු!

0
1248

පසුගිය කාලය තුළ සියල්ල ම බිඳ වැටුණු බංකොලොත් ශ්‍රී ලංකාව තුළ සාර්ථක ලෙස මෙහෙයවූ ලාභ ලැබූ සමාගම් ඇත්තේ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු ප්‍රමාණයක්. ඒ අතරින් ශ්‍රී ලංකා ටෙලිකොම් සුවිශේෂී ස්ථානයක් අත්පත් කරගන්නවා.

SLT ආයතනය බිඳවැටුණු ආර්ථිකයට සවියක් වෙමින් මෙහෙයුම් ලාභය වැඩි කර ගනිමින් දිනෙන් දිනම දියුණුව කරා පිය නැගුවා. ඊට ප්‍රධානතම හේතුව වූයේ එහි සභාපතිවරයා ලෙස පත් වූ ව්‍යාපාර ක්ෂේත්‍රයේ දැවැන්තයකු වූ රොහාන් ප්‍රනාන්දු ගේ සෘජු විනිවිදභාවයෙන් යුතු වැඩපිළිවෙළයි.

ජනතා විමුක්ති පෙරමුණ, පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය ආදී සියලුම වෘත්තී සමිති යම්කිසි සභාපතිවරයෙක් යටතේ එකමුතුව ආයතනයේ දියුණුවට වැඩ කළා නම් ඒ රොහාන් ප්‍රනාන්දු යටතේ පමණයි.

ඔහු කළ වැදගත් ම කාර්යය නම් ආයතනය තුළ සොරකම නැවැත්වීමයි. විවිධ කොමිස් ලාභ ප්‍රයෝජන මත ආයතනය තුළ සිටි සුළු පිරිසක් සමඟ ජාවාරම්කාරයින් එක්වී ආයතනයට පාඩු දෙන ලෙස හැසිරීමට ඔහු ඉඩ දුන්නේ නැහැ.

නමුත් දැන් තත්ත්වය වෙනස් කරන්නට නැවත බලවත් වූ ජාවාරම්කාරයන්ට අවශ්‍යව ඇති බවට විශ්වාසදායක ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු ලැබෙමින් පවතී. රුපියල් බිලියන තුනකට අධික ප්‍රමාණයක් වියදම් කර ආයතනයට අවශ්‍ය ගොඩනැගිල්ලක් කුලියට ගැනීමට මේ ජාවාරම්කාරයන් උත්සහ කලා. රොහාන් ප්‍රනාන්දු ප්‍රමුඛ නව අධ්‍යක්ෂක මණ්ඩලය එම උත්සාහය ව්‍යාර්ථ කර රුපියල් බිලියන දෙකකට අඩු මුදලකින් ආයතනයටම නව ගොඩනැගිල්ලක් ඉදිකර ගැනීමට කටයුතු සම්පාදනය කළා.

මේ සම්බන්ධව දැඩි ලෙස උරණ වූ එම ගනුදෙනුවට සම්බන්ධ ජාවාරම්කාරයින් වෙනත් වටයකින් සභාපතිවරයා එළවා දැමීමට කුමන්ත්‍රණය කිරීම අරඹා ඇති බව වාර්තා වෙනවා.

එහි ප්‍රතිඵලයක් ලෙස රියාස් නැමැති ව්‍යාපාරිකයෙකු ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති ධුරයට පත්කිරීමට අර අඳින බව මේ වන විට කාටත් නොරහසක්.

බංකොලොත් රටක මෙවන් බංකොලොත් සිදුවීම අරුමයක් නොවේ. නමුත් යන්තම් රටට අපේ යැයි කියා ඉතුරු වී ඇති ආයතන අතලොස්ස වත් රැක ගැනීමට ජනතාව පෙළගැසිය යුතුයි. .

විශේෂයෙන්ම ඉහළ පෙළේ ගොල්ෆ් සමාජ වල කල්ලි ගැසී කළු සල්ලි සුදු කරන ජාවාරම් කරුවන් අතට ජාතික සම්පත් හිමි වීම වැළැක්වීම ආයතනය වෙනුවෙන් කැපවෙන සියලුම සේවකයන්ගේ ද වගකීමක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here