හමුදා ජෙනරල් වරුන්ගේ නම්බුව පාර දිගේ ඇදගෙන යමින් වනසන තැනට ගෙනා යුද්ධ හමුදාධිපති.

0
19375

දෙයක් වේ නම් යම්, සුදුස්සාටම අයිති වියයුතු වේ.

බල්ලොත් එක්ක බුදිය ගත්විට මැක්කොත් සමග නැගිටිය හැක.

පලමු ආප්තයට පටහැනිව ක්‍රියා කර දෙවන් ආප්තය අනුව මැක්කොත් සමග ජීවත් වන හමුදාවේ මහ බලු මැක්කාගේ කතා වස්තුව අද දින නැවත ඔබට මෙසේ ලියා තබන්නේ අතිශය පිලුකුලෙන් යුතුවය,
හමුදාධිපති තුමනී, හමුදාව වනාහී විකුම් ලිඉයනගේ සතු පරම්පරාගත් බූදලයක් නොව අතිශයින් ගරු කටයුතු හා පිදිය යුතු හමුදාධිපති වරුන් රාශියක් පෝශනය කල ජාතියේ ගරුත්වයට පාත්‍ර වූ හා ලංකාවේ සාමාන්‍ය ජනයා මල් තබා පිදූ ආයතනයක් බැව් ඔබට නැවතත් සිහිපත් කරන අතර ඔබේ ඇම්බැට්ටයන්ට හා සට්ටෑබියන්ට අයතා ලෙස නිලතල ලබා දී ඔබ මේ විනාශ කරන්නේ, පාර දිගේ දඩාවතේ ඇදගෙන යන්නේ එම ආයතනයේ ගරුත්වයයි.

මේ දිනවල සමාජ මාධ්‍ය තුල සංචරනය වන මේ වීඩියෝ දර්ශනය බලන්න. එහි ඔබ විසින් පසුගිය නිදහස් දිනයේදිඋ නිදහසේ මුවාවෙන් ඌසස් කල ඔබගේ සට්ටෑබියෙකු වන ජෙනරල් වරයෙකු හා ඔහු විසින් ඔබට පූජා කල ඔහුගේ බිරිද විසින් තවත් සමකාලීන බ්‍රිගේඩියර් වරයකු හා ඔහුගේ දයාබර බිරිදගේ ගරුත්වය පාරේ දමා චොර කරනු පෙනේ. මේ බ්‍රිගේඩියර් වරයා කල වරද කුමක්ද ? දෙදෙනාම එකට යායුතු උත්සවයකට යෑමේදී ජෙනරාල් වරයාගේ වාහනය ඉස්සර කර යාමයි. එවිට එය හමා ගොස් නවතා පරුශ වචනයෙන් බනින ආකාරය දුටු විට අපට බම් සිතෙන්නේ ඔහු වාසුදේවගේ නෑදෑයෙකු ලෙසයි.
ඔහුගේ බිරිදගේ කටමැත දොඩවීම පිලිබදව ඇසූවිට පෙනෙන්නේ ශාන්ත ජෝන් මාලු වෙලද පලෙන් මාලු මිලදී ගැනීමට පැමිනි සහස්‍රපුර ඩොලි අක්කා ඊට වඩා වැදගත් බව නොවේද ? එසේ නම් ඔබ මෙයට වගකිව යුත්තේ ඇයි ? ඔබගේ මාධ්‍ය ප්‍රකාශක මස්සිනා ලව්වා අපිට තර්ජනාංගුලිය ඔසවන්නේ නැතිව හා සැමදා මෙන් රාත්‍රීයට කුනු වෙන්නට නොගසා මද්‍ය පානයකින් තොරව මදක් සිතා බලන්න.

මේජර් ජෙනරාල් එල් එස් බාලචන්ද්‍ර යනු කිසිවිටෙකත් මේජර් ජෙනරාල් නිලයට උසස් විය යුතු අයෙක් නොවේ. ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුලු හිටපු යුද්ධ හමුදාධිපති වරුන් මොහුව උසස් නොකලේ ඇයි ? නිවාඩු නොමැතිව සේවයට නොපැමින සිටි බියසුලු නිලධාරියෙකු නිසා නොවේද ? මොහු උසස්වීමට උපයාගත් හෝ සිදුකල මෙහෙය කුමක්ද ? කිසිවක් නැහැ නේද ? එසේ නම් මෙම නිලාධාරියාව පසුගිය නිදහස් දිනයට සමගාමීව මේජර් ජෙනරාල් නිලයට උසස් කිරීම පිලිබදව ඔබ ජනාධිපතිවරයා පවා අන්දා ඇත්තේ කමල් ගුනරත්නගේ කීමට සහ මෙම නිලධාරීගේ රූමත් බිරිඳ නිසා නොවේද ? සමස්ථ යුධ හමුදා නිත්‍ය බලසේනාවම මෙය පිලිකූල් සහගත ලෙස විවේචනයට ලක් කරන බව ඔබ නොදන්නේද ? මොහුව උසස් කිරීමට යුද්ධ හමුදා උපදේශක සභාවට ඔබ කොතරම් බලපෑම් කලේද යන්න කාට රහසක් වූවත් ඔබේ සිතට රහසක් නොවනු ඇත. එයින් නොනැවතුනු ඔබ විසින් මොහු උඩට ගෙන ඒමට අසාධාරන ලෙස ලකුනු කීයක් නම් අයුතු සහගත ලෙස ඔබේ අතින් ලබා දුන්නාද ? එසේ කිරීමෙන් පසු මොහුගේ කට වාචාල රූමත් බිරිද තොදොල් වෙමින් ඔබට කීවේ කුමක්ද යන්න එය අසා එතැන සිටි ඇගේ යෙහෙලිය නම් කට උල්කර අපේ නියෝජිතයාට කියන විර නම් අපට හැගී ගියේ හැමදෙනාම පවන පරිදි ඔබනම් සැබෑම ස්ත්‍රී ලෝලියෙකු බවම වේ.

මෙහි අවසාන ප්‍රථිපලය ලෙස මෙසේ අයුතු ලෙස උසස් වූ ඔබගේ පිම්පි සට්ටැම්බියාම එසේ උසස් වී අතේ ඇගිලි ගානටත් වඩා අඩු දින ගනනාවකදී ඔබේ තීරනයේ වැරදි බව හා කුජීත බව ක්‍රීයාවෙන්ම ඔප්පු කල බැව් මේ විඩියෝවෙන් මොනවට පැහැදිලි වේ.

මෙම නිදහස් දිබ සැමරුම් උසස් වීම් ලබා දීමේදී වැඩි ලකුනු ප්‍රමානයක් ඔබේ අතට ගෙන් ඔබට සිතැගි පරිදි ලබාදී ඔබේ ආශාවන් සංතර්පනය කරන ගෝල බාලයන්ට උසස් වීන් ලබා දුන් බව මීට පෙර මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කලා නේද ? එවැනි අයතා උසස්වීම් ලබාදීම මීට පෙර සිටි කිසිදු හමුදා පතිවරයෙකු නොකල බව හා ගුවන් හෝ නාවික හමුදා වල සිදු නොවන බව අප පෙන්වා දෙන්නේ අපේ මාධ්‍ය වගකීම ඉටු කර ලමිනි. ස්වේච්ඡා බලසේනාවේ උසස් වීම් ලබාදීමේදී ඔබට සෙබලුන්ගේඉතිරි කිරීම් මුදල් වලින් මුදල් හූරා වංචාකර ලබා දුන් එච් ඒ කීර්තිනාථ සහ ඔබේ සේවා ගනිකා ව්‍යාපෘතිය මෙහෙයවන නලින්ද මහවිතාන වෙත උසස්වීම් ලබාදීමද බරපතල විවේචනයට ලක්වී ඇති බව ඔබ නොදන්නේද ? නලින්ද මහවිතාන හට අතිශය වැඩි ලකුනු ප්‍රමානයක් ලබා දුන් ආකාරයටම වැඩි ලකුනු ගන්නට නම් අනෙක් නිලධාරීන් හට සිය බිරින්දෑවරුන්ගේ කොන්ඩය පාට කරන්නට සිදුවෙන බවට කාඩ් පවා මේ වන විට ගසා ඇති බවට ඔබ නොදන්නවාට සමස්ථ යුධ හමුදා වම දන්නේය. සේවා බලකායට අයත් බ්‍රිගේඩියර් නලින්ද මහවිතාන විසින් සැපයීම් හා ප්‍රවාහන අධ්‍යක්ෂ මන්ඩලය පොලඹවා ආහාර ද්‍රව්‍ය සැපයීම පිලිබදව කොන්ත්‍රාත් කරුවන්ට කරනු ලබන් පෙලඹවීම් සදහා ඔබේ දායකත්වයක් නැත්නම් ඔබ නිශ්ශබ්ද ඇයි ?

අවසානයේ ඔබෙන් ගරුකටයුතු ලෙස අප ඉල්ලා සිටින්නේ මේ කීර්තිමත් ආයතනය විනාශ නොකර කරුනාකර එය පැරනි හමුදාධිපති වරුන් රැක ගත් පරිදිම රැක ගන්නා ලෙසයි. වැරදි කරන මේජර් ජෙනරාල් වරු ලෙස හංවඩු වැදී ඇති පොදුසෙවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් මෙහුත්තානන්ද හා යාන්ත්‍රික ප්‍රවාහන බලකායේ බාලචන්ද්‍ර වැන්නවුන්ට පිලුසරනක් නොවී අහිංසක සෙබලාගේ උන්නතිය වෙනුවෙන් වැඩ කරන ලෙසයි. හමුදා රෝහල වැනි ස්ථාන වල හරි හැටි බත් වේල පවා නොලබන අහිංසක සොල්දාදුවන්ගේ සුභසාදනය නොබලා ඔබේම සුකවිහරනය හා කම් සැප උදෙසා වන්දිභට්ට කම් කරන සට්ටෑබියන් උස්සා තබානොගෙන මෙම ආයතනය මහජනතාව වෙත වග විය හැකි පරිදි මෙහෙය වන්න, නැත්නම් අනේ පිංසිදු වෙයි පැන්ශන් යන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here