සමස්ථ යුධ හමුදාව තුල බිහි වූ හා බිහිවෙන් ඕනෑම අධිකාරී ලත් නිලධාරියෙකුගේ මුදුන් මල්කඩ ලෙස සලකනු ලබන්නේ දියතලාව යුද්ධ හමුදා විද්‍යා පීඨය වන අතර එහි අභිමානය සමස්ථ යුධ හමුදා ඉතිහාසය පුරා වර්නවත්ව බැබලිනි. විනය ශික්ශනය හා පුහුනුව මත බිහිවන මෙම ගරුත්වය අදවන විට නින්දිත ලෙස පිරිහී ඇද වැටීමට මූලිකයා ලෙස වත්මන් යුද්ධ හමුදාධිපති ගේ අමන අවිදිමත් පාලනය හා ඔහුගේ අම්බැට්ටයන්ගේ මරි මෝඩ ක්‍රියා හේතු වී ඇතිබව පවසන්නේ හද පුපුරා යන ශෝකයෙනි.
සමස්ත ලංකාවම අයිස් ගහනයට නතු වෙද්දී අද වන විට හමුදාවේ මුදුන් මල්කඩ ලෙස සලකන බොහෝ නිලධාරීගේ වචනයෙන් ඇකඩමිය ලෙස හදුන්වන මෙම පාරිශුද්ධ ආයතනය ද ඊට නතුවීමට ඉදුරාම වගකිව යුත්තේ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ හා හිටපු අධිපති මේජර් ජෙනරාල් නියංගොඩ බැව් අප ප්‍රකාශ කරන්නේ සාක්ශි සහිතවය.
මුලු ඇකඩමියම අයිස් කඩයක් වී හමාරය. නයින් මයිල් රන් එකක් දුවන්නට පෙර බොහෝ කැඩ්ඩන් අයිස් ගසා සිය ඇගේ අමාරුව අඩුකර ගන්නට පෙලබී ඇති බව ඇසුවහොත් ඔබ පුදුම වනු ඇත. කිසිදු කැඩෙට් නිලධාරියෙකු හට බාහිරය සමග සබදතා පැවැත්වීමට නොහැකි අයුරින් දැඩි ආරක්ෂක රැකවරන තිබියදී අයිස් ඇතුලට එන්නේ කෙසේද ? එය වියාපාරයක් වී හමාරය බොහෝ පාඨමාලා නිලධාරීනගේ ගිනුම් වලට මාස් පතා රුපියල් විසි දහස බැගින් බැර කරමින් කොලබින් රැගෙන එන අයිස් අධික ලාභයක් සහිතව අලෙවි කර ඇත්තේ ඇතුලත උපදේශකයන් බැව් ඇසූ විට අපට සිහිපත් වන්නේ ලංකාවේ බන්ධනාගාර වල තත්වයයි. මෙම අයිස් ප්රශ්නය එලියට පැමිනියේ මීට මාස ගනනකට පෙර සිදු වූ සිදුවීමක් මත වන අතර එවිට ඊර සම්බන්ධ වූ නිලධාරීන් සියලු දෙනා එකතු වී මෙහි මහ මොලකරු හා ප්‍රධාන ජාවාරම්කාරයා වන වැල්ලවාය ප්‍රදේශයේ සිටි ගැමුනු රෙජිමේන්තුවට අයත් සැරයන් දිසානායක හට සේවය අතහැර පලා යාමට ඉඩ ප්‍රස්ථාව සලසන ලදී. එසේම මෙහි බරපතල භූමිකාවක් ඉටුකල යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවට අයත් මේජර් ක්‍රිශාන් වික්‍රමරත්න හා කපිතාන් කේ ඩී එස් පෙරේරා සිදුවීම් පෙලෙන් සටකපට ලෙස ඉවත් කල අතර මේ වන විට ඔවුන් හමුදාව හැර යාම සදහා ලේඛන ඉදිරිපත් කර ඇත. අදාල සිදු වීමට මූලික වූ පාබල හමුදාවට අයත් කපිතාන් දෙහිදෙනිය හා මේජර් බමුනු ආරච්චි යන නිලධාරීන් නැවත ඒකකය වෙත යවා ඇත්තේ අනදෙන නිලධාරී වන එවකට ගෝඨාභය ඇසුරේ සුරතල් වූ ලුතිනන් කර්නල් රුවන් ඇහැලේපොල බේරා ගැනීමට හමුදාධිපති උපදෙස් මත වේ.
අදාල සිදුවීම සදහා බෙල්ල දුන් කැඩෙට් නිලධාරීන් 22 කු මාස පහක් තිස්සෙ කිසිදු පුහුනුවකට නොයොදවා බ්‍රොයිලර් කුකුලන් සේ පෝශනය කරන්නේ ඔවුන්ටම හමුදාව එපා වෙන තැනට කටයුතු කරන්නට නොවේද ? ඔවුන් පියවි හෝ විවුර්ත සිර අඩස්සියේ හෝ නිවෙස් ගත කිරීමකින් තොරව ඔහේ රදවා ඇත. ඔවුන් බොහෝ දෙනෙකුට පහර දී අත පය කඩා කන් බිහිරි කරවා ශ්රීලායුපොහෙබ ප්‍රකාශ ලබාගෙන ඇති බව හා ඔවුන් පාඨමාලා භාර නිලධාරීන් ගේ දරුනු වදහිංසාවට ලක් වී ඇති බව ඔප්පු වන්නේ අධිකරන වය්ද්ය නිලධාරීගේ වාර්තා අනුවවේ. දැනටමත් මේ පිලිබදව මානව හිමිකම් කොමිසමට පැමිනිලි කර ඇති අතර මහේස්ත්‍රාත් අධිකරනයේ නඩු පවරා ඇත. හෙට අනිද්දා ශේශ්ඨාධිකරනයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු වූ විට විකුම් ලියනගේටත් නලින්ද නියංගොඩටත් රුවන් ඇහැලේපොලටත් සිදුවන්නේ අර කොහේද පැහැරූ කාටද සිදු වූ දෙය බැව් ප්‍රකාශ කල හැක. මේ ව්න විට මේ පිලිබදව පරීක්ශන තුනක් පවත්වා ඇති නමුත් ඒ කිසිදු වාර්තාවක් එලියට දාන්නේ හෝ ක්රියාමාර්ර්ග නොගන්නේ විකුම් ලියනගේ ගේ සායම යන නිසා බැව් අපි වගකීමෙන් ප්‍රකාශ කරමු. මේ සම්බන්ධයෙන් සිදුකල අවසන් මූලික පරීක්ශන උසාවි වාර්තාව සදහා හමුදාධිපති නිගමනය ලබා නොදී එය යුහ උපදේශක මන්ඩලය සදහා යොමු කිරීමට හමුදාධිපති සැරසෙන අතර එසේ කරන්නේ ඔහුගේ ඇගේ ගෑවුනු අසූචි සියල්ල යුහ උපදේශක මන්ඩලයේ ද තවරන්නට නොවේද ? අප් හමුදාධිපති වෙතින් මෙසේ ප්‍රශ්න කරමු. 1955 මූලික පරීක්ශන රෙගුලාසි මාලාව ප්‍රකාරව පත් කරන ලද මෙම මූලික පරීක්ශන උසාවි වාර්තාව යුහ උපදේශක මන්ඩලය වෙත යොමු කරන්නේ එහි කුමන වගන්තියක් අනුවද ? මේ සිල්ලන්ගෙන් පෙනී යන්නේ ඔබේ නොහැකියාව පමනක් නොව හොදට තිබුනු ගරුකටයුතු හමුදාවක් ඔබ පත් කල තත්වය නොවේද ?
බාලචන්ද්‍රගේ උසස් වීම් මාර්ගයේ යමින් හමුදාධිපති මීලගට ගොඩ දාන බ්‍රිගේඩියර් වරයා.
නිල උසස් වීම් සදහා නුසුදුසු බ්‍රිගේඩියර් වරයෙකු වූ බාලචන්ද්‍ර මේජර් ජෙනරාල් නිලයට උසස් කර එවලේම පස්ස බිම ඇනගත් යුද්ධ හමුදාධිපති දැන් සැරසෙන්නේ තවත් එවැනි අඩව්වක් අල්ලන්නයි. එවැනිම චෝදනා රාශියක් ඇති ගැමුනු රෙජිමේන්තුවේ පට්ටම හොරෙකු ලෙස ප්‍රකට බ්‍රිගේඩියර් ජනක විජේසිරි යනු වසර ගනනාවක් තිස්සේ පැරනි හමුදාධිපති වරුන් විසින් උසස් වීම් ලබා නොදුන් අයෙකි. පොලිස් හේවා බලකායේ හිටපු චන්ඩියෙකු ලෙස ප්‍රකට මේජර් ජෙනරාල් විජේසිරි හමුදාවතුල ප්‍රකට වන්නේ එදා ජනාධිපතිවරනයෙන් පසු එවකට ජෙනරාල් වූ වත්මන් ෆීල්ඩ් මාශල් සරත් ෆොන්සේකා ව කකුල් කෙටි දෙකෙන් අල්ලා වාහනයට දමා අතඩංගුවට ගත් කුප්‍රකට පොලිස් කාරයා ලෙස වන අතර මේ ඔහුගේම එක කුස උපන් බාල සහෝදරයා වේ. බාලචන්ද්රව අසාධාරන ලෙස ගොඩ දැමූ අයුරෙන්ම බ්‍රිගේඩියර් ජනක විජේසිරි වත් මේජර් ජෙනරාල් නිලයට උසස් කරන්නට විකුම් ලියනගේ දැන් සැරසෙන්නේ පෙර සිදුවීමෙන් පාඩමක් ඉගෙන නොගත් නිසාද නැතහොත් ඔහු සතු පරිකල්පන ශක්තියේ පිරිහීම නිසාද යන්න පැහැදිලි නැත.
නිලධාරී සේවා රෙගුලාසි මාලාව අභිහවා ජනාධිපතිටත් උඩින් ගොස් තම හිතවතුන්ගේ ජේශ්ඨතාවය ඉස්සීම.
1993අගෝස්ත් 17 දිනැති නිලධාරී සේවා රෙගුලාසි මාලාවේ 28 (1) වගන්තිය තුල උසස්වීම් ලබන නිලධාරීන් ගේ ජේශ්ඨතාවය නිර්නය කල යුතු ආකාරය පැහැදිලිව දක්වා ඇත. ඒ අනුව නිලධාරීන්ගේ ජේශ්ඨතාවය උසස්වීම් ලද දිනය අනුව විය යුතු අතර එකම දිනයෙක එකම නිලයක් වෙත නිලධාරීන් දෙදෙනෙකු උසස් වන් අවස්තාවකදී ජේශ්ඨතාවය නිර්නය කල යුත්තේ පෙර සිටි ජේශ්ඨතාවය අනුව වේ. මෙය රෙගුලාසියක් ලෙස හා පුරුද්දක් ලෙස චිරාත් කාලයක් පවත්වාගෙන පැමින ඇත්තේ සිදුවන අසාධාරන හා පරිපාලන ගැටලු නැවැත්වීමට වේ. නමුත් මෙම රෙගුලාසිය උල්ලංගනය කරමින් තම අභිමතය පරිදි උසස්වීම් සදහා ලබාදෙන ලකුනු පාදක කර ගනිමින් ජේශ්ඨතාවය නිර්නය කිරීමට හමුදාධිපති පති කූඨ උපක්රයක් දියත් කර ඇත. මේ සිදු කරන්නට යන්නේ කුමක්ද යන්න මීට පෙරද අප අනාවරනය කල අතර මීලග පරිච්චේදයෙන් නම් ගම් සහිතව අනාවරනය කරන්නෙමු.
ඇත්තටම මෙවැනි අනීතික කටයුතු මගින් සියලු දේ උඩු යටිකුරු වෙන වව හා තවත් මූලික අයිතිවාසිකම් නඩුකර ගනනාවක් පටලාගන්නට යන බව ඔබේ ඔය පුංචි නොලයට නොවැටහෙන්නේ බලයෙන් ආඨ්‍ය වී ඇති නිසාද ? මූලිකව ස්වේච්ඡා බලසේනාවෙන් අරඹා පසුව එය නිත්‍ය බලසේනාවට ගෙනෙන තුරු බොහෝ දෙනා බලා සිටින බව නම් අපි ඔබට සක්සුදක් සේ පවසන්නෙමු.
රාජකාරි වේලාවේ මත්පැන් බී සිනාසිසී බෙල්ල කැපු අලුතින් පත් වූ ප්‍රධාන සංනා නිලධාරී.
නිලධාරීන් හට මත්පැන් පානයට බාධා නැත. එහෙත් රාජකාරී වේලාවේ මත්පැන් පානය කරමින් මෙසේ අශෝභන ලෙස හැසිරීම මේජර් ජෙනරාල් වරයෙකුට සුදුසුද ? මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරනය වන මේ සමග ඇති විඩියෝ ක්ලිප් එක බලන්න. මේ මධ්‍යම ඉදිරි නඩත්තු පෙදෙස් අනදෙන නිලධාරී මේජර් ජෙනරාල් සුදත් රත්නායක වේ ඔහු ප්‍රධාන සංනා නිලධාරී ලෙස පත් කර ඇත්තේද හමුදාධිපති විසින් වන අතර ඒ පිලිබදව ඇත්තේ මාධ්‍ය ප්‍රකාශක සිය මස්සිනා වන බ්‍රිගේඩියර් හේරත්ව උඩට ගැනීමේ උවමනාවයි. ඔහුව උඩට ගන්නේ කෙසේද යන ප්‍රශ්නයට දිය හැකි සරල පිලිතුර වන්නේ ඉහත චේදයේ දක්වා ඇති හමුදාධිපති සතු කරගෙන ඇති අන්තෝමතික ලකුනු දීමේ පරිපාටියයි. එමගින් මස්සිනාට වැඩි ලකුනු ප්‍රමානයක් ලබාදී මේජර් ජෙනරාල් දසනායකව ගෙදර යවා, යුද්ධය වෙත සක්‍රීයව දායක වූ බ්‍රිගේඩියර් රජිත් ඇල්විටිගල පහතට දැමීම නොවේද ? ඒ සදහා තාවකාලික උපක්‍රමයක් ලෙස මේජර් ජෙනරාල් සුදත් රත්නායකට ලබාදුන් මේ තනතුරින් හොදටම ඇදගෙන් නාන්නේ හමුදාධිපති ම මිසක වෙන කවුරුද ? රාජකාරී වේලාව තුල නිල ඇදුමින් සැරසී තිතට මත් වී නටන මේ මේජර් ජෙනරාල් වරයාගේ පාද තබන ගීතය ” සිනා සිසී බෙල්ල කැපිල්ල ” යන තේමාව නම් විකුම් ඔබට සහ ඔහුට හොදටෝම ගැලපෙන බව සිනහවෙන් ප්‍රකාශ කර සිටිමි.