2025 ජනාධිපතිවරණ මෙහෙයුම චන්න පළන්සූරියගේ නිවසින් ඇරඹේ!

0
220

මීළඟ ජනාධිපතිවරණයට තම අපේක්ෂකයා සූදානම් කිරීම සදහා සම්පත් බැංකුවේ හිටපු සභාපතිවරයකු වන චන්න පළන්සූරිය මහතාගේ නිවසේ සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා තිබේ.
මේ සාකච්ඡාවන් සදහා සම්පත් බැංකුවේ හිටපු සභාපති ධම්මික පෙරේරා, අනුර කුමාර දිසානායක, සුනිල් හඳුන්නෙත්ති, ටිරාන් අලස් ආදීන් සහභාගි වී ඇතැයි වාර්තා වේ.


මේ සදහා චන්න පළන්සූරියගේ නිවස තෝරාගෙන ඇත්තේ කිසිවකුටත් සැක ඇති නොවන පරිදිය.
මෙම සාකච්ඡාවන්ට අනුව මොවුන්ගේ අදහස වී ඇත්තේ ධම්මික පෙරේරා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීම යි.


අගමැති ධූරය විමල් වීරවංශ නම් කිරීම තුලින් ඔහුව ද මෙම කඳවුරට ගොනු කරගත හැකි බවට මෙහිදී ටිරාන් අලස් අදහස් දක්වා තිබේ.
මේ සියල්ලේ මහ මොළකරු වන්නේ ටිරාන් වන අතර ආණ්ඩුව තුල සිටිමින් ආණ්ඩුව විනාශ කිරීමට යටිතල පහසුකම් සැපයීම ඔහුගේ ප්‍රධාන කාර්යය බව දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රචලිත කරුණකි.
චන්න පළන්සූරිය ‍යනු ධම්මික පෙරේරාගේ සුවච කීකරු ගෝලයකු වන අතර ධම්මික එහි සභාපති පදවියෙන් ඉවත් වන්නේ චන්නව උප සභාපති පුටුවේ වාඩි කිරීමෙන් අනතුරුවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here