ධම්මික ගේන්න නන්දනත් එක්වේ!

0
194

ටයිල් හා සිමෙන්ති අතර ඇති අත්‍යන්ත බැඳීම තහවුරු කරමින් ධම්මික පෙරේරා ජනාධිපතිවරණ කරලියට ගෙන ඒමේ සටනට ඊයේ සිට ලංවා අධිපති නන්දන ලොකුවිතානත් එක්වී ඇති බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් හෙළිදරව් වේ.

මේ සඳහා ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය කරමින් හමීඩියාස් අධිපති ෆවුසූල් හමීඩ්, චූලා ජිනදාස මෙන්ම හර්ෂ අලස්ගේ සමීපතම මිතුරියක වන මහාචාර්ය නිලීකා මලවිගේ ද සහභාගි වී ඇතැයි වාර්තා වේ.

බොරැල්ල ග්‍රැනියර් පාරේ පිහිටි සම්පත් බැංකුවේ හිටපු සභාපතිවරයකු වන චන්න පළන්සූරියගේ නිවසේ පැවැති මේ සාකච්ඡා වට සදහා මේ පිරිසට අමතරව ධම්මික පෙරේරා, අනුර කුමාර, සුනිල් හඳුන්නෙත්ති, ටිරාන් අලස් ආදීන් සහභාගි වී තිබේ.

DP එඩියුකේෂන් නමින් සමාජ සත්කාර ව්‍යාපෘතියක් ධම්මික පෙරේරා විසින් කාලයක් සිට පවත්වාගෙන ‍යන්නේ 2025 පනින්නට යන පිම්මේ පෙරහුරුවක් ලෙසින් බව ඔහුගේ සමීපතම ආරංචි මාර්ග හෙළි කරයි. මෙම අධ්‍යාපනික වැඩ සටහන් සඳහා නිෂ්පාදන ආයතනයක් වන TVT ආයතනයට ධම්මික අත දිගහැර වියදම් කරන බව ද වාර්තා වේ.

ධම්මික පෙරේරා ප්‍රවාහන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා වන අතර එම සමයේ ඔහු අදාළ අමාත්‍යාංශයට පැමිණියේ සති 2 කට වරකි.

එසේම මේ රටේ ප්‍රධාන පෙළේ කැසිනෝ ව්‍යාපාරිකයකු වන ධම්මික රාහු කාලය පනින තුරු දුරකථන ඇමතුමකටවත් පිළිතුරු නොදෙන බව ප්‍රකට කරුණකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here