තුන්දෙනා හොර රහසේ කතා කළේ මොනවාද?
පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේදී ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා හා ශ්‍රීලනිප අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල, මහින්ද අමරවීර අතර විශේෂ සාකච්ජාවක් පැවැත්වී ඇති බව වාර්තා වේ.
ඒ, පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුවේ කමිටු අංක 01 ශාලාවේ පැවැති රැස්වීමෙන් අනතුරුවය.
මෙම රැස්වීමට ආණ්ඩුව නියෝජනය කරමින් දිනේෂ්, ජොන්ස්ටන්, ඩලස් සහභාගි වී සිටි අතර, විපක්ෂය නියෝජනය කරමින් කිරිඇල්ල සහභාගි වී සිටියේය.
නමුත් සාකච්ඡාව විනාඩි පහකට වඩා පැවැතියේ නැත.
ඒ අනුව සාකච්ඡාව නිමවා ජොනී, ඩලස්, දිනේෂ්, කිරිඇල්ල ඇතුළු පිරිස ශාලාව ඉදිරිපිට ඇති ආලින්දයේ සිනාසෙමින් කතාබහ කරමින් සිටින විට අමරවීරත්, නිමල් සිරිපාලත් පැමිණෙන ආකාරයක් දැකගත හැකි විය.
ඒ අනුව ඔවුන්ද කතාබහට එක්ව සුළු මොහොතක් ගතවද්දී ජොන්ස්ටනුත්, ඩලසුත් පාර්ලිමේන්තුවෙන් පිටව යෑම සඳහා එකට එළියට පැමිණෙ තිබේ.
එහිදී ජොන්ස්ටන් වාහනයට නැඟ පිටව ගියද ඩලස් නැවත වතාවක් පාර්ලිමේන්තුව ඇතුළට ගොස් ඇත.
එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ඩලස් පැමිණෙන තෙක් අමරවීරත්, නිමල් සිරිපාලත් පෙර කී ස්ථානයේම අසුන් ගෙන සිටීමය.
ඒ අනුව ඩලස් පැමිණිමෙන් පසු ඔවුන් තිදෙනා අතර විනාඩි 15ක පමණ කාලයක් පුරා ඉතා බරපතළ සාකච්ඡාවක් පැවැත්වි ඇති බව වාර්තා වේ.
එහිදී සාකච්ඡා කෙරුණේ මොනවාද යන්න දැනගන්නට නැතත් ජොන්ස්ටන් ගිය පසු ඩලස් යළි පැමිණීම හරහාත්, ඩලස් පැමිණෙන තෙක් අමරවීර සහ නිමල් රැඳී සිටීම හරහාත් විශේෂ කරුණු රැසක් සාකච්ඡා වී ඇති බව නම් පැහැදිලිය.