අද දින රාත්‍රීයේ දී ආරක්ශක ලේකම් හා යුධ හමුදාපති දෙබෑයන් දෙදෙනා නයිජීරියාවේ රහසිගත නිල යැයි කියන එහෙත් නොනිල සංචාරකයක් සදහා පිටත්ව යාමට නියමිත අතර මෙහි අරමුන ලෙස හුවා දක්වා ඇත්තේ සන්නද්ධ හමුදා පුහුනු සැසියක් ආරම්භයක් සදහා බව අප කල විමසීමකදි ආරක්ශක අංශ ආරංචි මාර්ග සදහන් කරන ලදී.
එහෙත් අදාල සංචාරය පිලිබදව අප කල ගවේශනයකදී හෙලිවී ඇත්තේ එය සම්පූර්ණයෙන්ම කුප්‍රකට ප්‍රකෝටිපති දූශිත ව්‍යාපාරික නිශ්ශංක සේනාධිපති ගේ දූශිත මුදලින් වැය දරා ඔහුගේ පූර්න අනුග්‍රහය හා මග පෙන්වීම යටතේ තවත් රාජ්‍ය මුදල් වංචාවක් මගින් සිය ව්‍යාපාරික අදහස් මුදුන් පැමින වීම සදහා කරනු ලබන කූඨ ආරම්භයක් බවයි. මෙහිදී ඔහු ජනාධිපති ආරක්ෂක උපදේශක සහ කාර්ය මංඩල ප්‍රධානී සාගල රත්නායක හා රාජ්‍ය ඇමති ප්‍රමිත බංඩාර තෙන්නකෝන් වත් සිය කපටි බුද්ධියෙන් රවටා ඇති බව දැන ගැනීමට ඇත.
නිශ්ශංක සේනාධිපති යනු කවරෙක්ද යන්න ඔබට අමුතුවෙබ් කිව යුතු නොවේ. යුද හමුදාවේ සිටියදී පාඨමාලා විශාල සංක්‍යාවක් රජයේ වියදමිනින් සිදුකර පසුව හමුදාව අතහැර ගොස් ව්‍යාපාරික ක්ශේත්‍රයට පිවිස පසුගිය ආන්ඩුවේ පිහිටෙන් කෝටි ගනන් ධන සම්භාරයක් උපයාගත්තෙකි. එසේ උපයාගත් ධනයෙන් සියලු ආන්ඩු ප්‍රධානීන්, මැති ඇමතිවරුන් හා ලේකම් වරුන් වෙත නොමසුරුව ධනය වියදම් කර සියලු මැතිවරන සදහා හොදින්ම වියදම් කල සල්ලි මැශිමකි. ප්‍රසිද්ධ ජනමාධ්‍යවේදීන් පවා මුදලට ගැනීමට කල උත්සහායන් කිහිපයක් පසුගියදා වාර්තා වූ අතර ආරක්ශක් ලේකම් කමල් ගුනේ ගේ සහ ඔහුගේ කූඨ සට්ටැබි හමුදාධිපති විජ්ජුම්බර විකුම්ගේ දූශන ක්‍රියා දිගින් දිගටම මාධ්‍ය මගින් හෙලිකිරීමේදී ඒවා නවතන්නට ලක්ශ ගනන් දූශිත .මුදල් වියදම් කිරීමට ගත් උත්සාහ සියල්ල මාධ්‍ය ලෝකයේ බොහෝ දෙනෙකු හට රහසක් නොවේ.
අමුමිරිස් වගාව මගින් ඉන්දීය ව්‍යාපාරික අම්බානි සතුව පවතින ආනයනික මිරිස් කර්මාන්තය දේශීය විභවයක් තුලට ගෙන එන බවට ප්‍රකාශ කර 99 අවුරුදු බදු පදනම යටතේ රජයේ ඉඩම් අක්කර 10000 ක් දැනටමත් අත් කරගෙන ඇත්තේ එමගින් සිය හත්මුතු පරම්පරාවම ගොඩ දැමීමේ කූඨ අරමුනින් බව තතු දත්තෝ පවසති.
කෙසේ වූවද ආරක්ශක ලේකම් හා හමුදාපති ගෙන් අප විමසන්නේ මේ හදිස්සියේ නයිජීරියාවේ ගොස් අපේ දක්ශ හමුදාවන් හට නයිජිරියාවෙන් සකසන පුහුනුව කුමක්ද යන්නයි. අපේ හමුදාවන් සිදුකල න්යායායන්ගේ ප්‍රායෝගික භාවිතය හා ප්‍රායෝගික පුහුනුව පිලිබදව ලෝකයේ බොහෝ රටවල් මවිතව සිටින විටෙක අප නයිජීරියාවෙන් ඉගෙන ගන්නට යන්නේ යවුල් සටන්ද යන්න පිලිබදව විමසීමට තිබේ. ගමේ භාශාවෙන් කිවහොත් ඉස්සර නම් ලිදෙන් බවුසරයට වතුර ගැසු අතර දැන් මේ කූඨ දෙබෑයීන් සැරසෙන්නේ බවුසරයෙන් ලිදට වතුර ගසන්නට වාගේය.
වතුර ගැසීම කෙසේ වෙතත් වතුර මාරු කර ගැනීමටනම් මෙවර හොද අවස්ථාවක් නිශ්ශංක සේනාධිපති විසින් නයිජීරියාවදී මේ දෙපලට ලබාදීම පිලිබදව අපි දු එක සිතින් සතුටු වෙමු.